දිනිති වල්ගම මේ දිනවල මෙයා ගැන නිතරම වගේ කතාබහට ලක්වෙනවා. ඒ මෙයා ගැන විතරක් නෙවෙයි සංගීත් ගැනත්. දිනිති වල්ගම සහ සංගීත් සතරසිංහ යුගයේ ආදරණිය කපල් එක කියලත් දැන්නම් මේ දෙන්නව හදුන්වන්න පුළුවන්. කාලයක් නැහැයි කියලා කියුපු මෙයාලා දැන් ආදරවන්තයෝ වෙලා. දෙන්නට දෙන්නා නැතුවම බැරි තරමටම ඒ ආදරය ශක්තිමත් වෙලා. දිනිති කියන්නේ ගුවන් සේවිකාවක් නිසා එයා තරම බිසී කෙනෙක් බව හැමෝම දන්නවා. ඒ වගේම රංගනය නිරුපණය මේ හැමදෙයක්ම ඇය කරනවා. සංගීත් කියන්නේ දක්ෂ කලාකාරයෙක් .
ඉතින් මේ ආදර කතාව පටන් ගත්තට පස්සේ මේ දෙන්නා කරන්නේ සංචාරය කරන එකම තමයි රට වටේ ලෝකේ වටේ ඇවිදින්න තමයි මෙයාලා යන්නේ. මේ දවස්වල මේ දෙන්නා ගිහින් තියෙන්නේ ලස්සනම ලස්ස්සන සී ෂෙල්ස් දුපතට තමයි. දිනිතිගේ සහෝදරයා ඉන්නේ එහෙ නිසා. එයා බලන්න ගියා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ ගිය ගමනේ මේ දෙන්නාගේ ප්‍රේමනීය චායාරූප එකතුවක් මොවුන් සමාජ මාධ්‍යට එක්කර තිබුනා. ඇත්තටම එයාලා හරිම ලස්සනයි. ඉතින් ඒ ආදරයට ඇස් වහක් නම් වදින්න එපා.
Leave a Comment