Gossip

දිනිති තමයි මාව හැමදේකටම උනන්දු කරවන්නේ බබා මේක කරන්න කියලා.

අපේ රටේ කලා ක්ශේෂ්ත්‍රය තුළ ප්‍රහසන කලා කරුවෙක් විදියට අපි හැමෝම දන්න හැමෝම හිනා ගස්වන රංගන ශිල්පියෙක් තමයි සුරංග සතරසිංහ කියන්නේ. ඔහුගේ එකම පුත්‍රයා තමයි නව පරපුරේ ඉන්න දක්ෂ ජනප්‍රිය කඩවසම් තාරුණ්‍යට හිමිකම් කියන රංගන ශිල්පියෙක් වන සංගීත් සතරසිංහ. පියාගේ කලා ආභාෂය ඒ විදියට උපතින්ම රැගෙන ආව සංගීත් කුඩා කාලයේ ක්‍රීඩාවට දක්ෂතා දැක් වූවා. ඉතින් කොහොම වුනත් අවසානයේ ඔහු රංගනයට ප්‍රවේශ වුණේ අපේ රටේ තරුණියන්ගේ ක්‍රශ් එක බවට පත් වෙලා.

මේ දිනවල සංගීත් සතරසිංහව අපිට දැක ගන්න පුලුවන් හිරු නාලිකාවේ විකාශය වන ‘අසිරිමත් දළදාගමනය’ ටෙලිනාට්‍යය හරහා. මෙම ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙන සංගීත් විවිධ චරිත හරහා අපිටදැක ගන්න පුලුවන්. වෙනස් විදියේ චරිත අතරින් තම රංගන කුසලතාවය පෙන්නුම් කරන සංගීත් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයටත් රංගනයෙන් දායක වුණා. ඉතින් ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙක් විදියට මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ ආදරය බෙහෙවින්ම ලබා ගන්නවා.

ඒ වගේම සංගීත්ට ආදරය කරන තව පිරිසක් සිටිනවා. ඒ ඔහුගේ නමින් යූ ටියුබ් නාලිකාවක් කරගෙන යන සංගීත් ව්ලොග්ස් බලන ප්‍රේක්ෂකයනුත් ඔහුට ගොඩක් ආදරෙයි. සංගීත් ගැන පසුගිය දා අපිට අසන්නට ලැබුණා. ඒ ඔහු ගුවන් සේවිකාවක් හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනිති වල්ගමගේ සමගින් ආදර කතාවක් පටන් ගත් බව කියන පුවතක්. සමාජ මාධ්‍ය හරහා බෙහෙවින් කතා කරන දිනිති සහ සංගීත් අතර ඇති ආදරය ගැන සංගීත් පසු ගිය දිනක සහභාගි වුණු රූපවාහිනි වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මගේ වැඩ වලට දැන් ගොඩක්ම මාව උනන්දු කරවනවා මගේ අම්මියි තාත්තියි වගේම දිනී. එයා හැමදේකටම මාව පොළඹවනවා බබා මේක කරන්න මේක කරන්න කියලා. ඒ වගේම මට සහෝදරයෝ වගේ එක කුසේ උපන්නෙ නැති වුණත් හොදම යාලුවෝ ටිකක්. මට අයියා කෙනෙක් ඉන්නවා එයත් අපේ අම්මගෙ කුසේ ඉපදුනේ නැති වුනාට මගෙම අයියෙක් වගේ. ඉතින් මේ හැමෝම එක්ක ලස්සනට වැඩ ටික කරගෙන සතුටින් ජීවත් වෙනවා.”

ඉතින් සංගීත් මේ විදියටයි ඔහුගේ ළගින්ම ඉන්න හිතවතුන් ගැන අදහස් දක්වලා තිබුණේ. ප්‍රේක්ෂකයන් නොයිවසිල්ලෙන් බලන් ඉන්නේ සංගීත් සහ දිනිති විවාහ වෙන්නේ කවදාද කියලා දැන ගන්න. නමුත් ඒ ගැනනම් මේ දෙදෙනා කිසිම දෙයක් තවම මාධ්‍යට අදහස් දක්වලා නෑ. ඉති මේ දෙදෙනාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්නට අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment