ලස්සන රුවක් කියන්නේ නෙත් සිත් ඇද බැද තබාගන්න දෙයක්. ඉතින් ලස්සන වෙන්න හැමෝම කැමතියිනේ. අද මේ කියන්නේ ලස්සන ගැන හොදම උදාහරණයක්. සැබෑම ලස්සන යුවතියක්. ඇය තමයි ටනාෂා හතරසිංහ. ටනාෂා වගේම ටනාශාගේ පවුලේ හැමෝමත් හරිම ලස්සනයි අම්මා වගේම නංගිලා තුන්දෙනත් ඇය වගේම හරිම ලස්සනයි. ඒ නිසා මේ පවුල ගැන හැමෝම වගේ කතාවෙන්වා. රූපය වගේම හදවතත් ලස්සන නිහතමානී චරිතයක් තමයි ටනාෂා.
නිල පබළු ටෙලි නාට්‍යයේ කුරුළුගේ චරිතය හරහා මෙරට ආදරණිය ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගන්න ඇය සමත් වුනා. පසුගිය දිනෙක ඇයගේ නැගණියගේ විවාහ මංගල්‍ය නිසා ඇය ගැන නැවතත් කතාකරන්න පටන් ගත්තා. ටනාෂා කියන්නේ පෙම්වතියක්. ඇය ලදී විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා කියලත් දැනගන්න ලැබුනා. නිදහසේ සංචාරය කරමින් හැමෝම එක්ක සුහදව කටයුතු කරන එක තමයි ටනාෂා කරන්නේ. ලංකාවේ තරුණයන් ගොඩක් ආදරය කරන චරිතයක් කියලත් ඇය හැදින්වුවාට ඇත්තටම වරදක් නැහැ. ඉතින් ඇයගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.
Leave a Comment