නර්මදා ජයමහ ලංකාවේ සිටින අතිදක්ෂ නිරුපිකාවක්. ඒ වගේම දක්ෂ නිවේදිකාවක්. නිරූපන ක්ෂේත්‍රය තුල නමක් දිනා සිටින ආදරණිය චරිතයක් ලෙසින් නර්මදාව හදුන්වන්න පුළුවන්. රූපය වගේම හදවත ලස්සන චරිතයක් තමයි නර්මදා කියල කියන්නේ. හැමෝම එක්ක සුහදව කතාකරන නිහතමානී චරිතයක්. හිරු tv කොපි චැට් වැඩසටහනේ නිවේදිකාවක් ලෙසත් ඇය කටයුතු කරනු ලබනවා.
නර්මදා දෙදරු මවක්. පුතුන් දෙදෙනෙකු ඇයට සිටිනවා. විවාහයෙන් වෙන්ව මව්පියන් සමගින් දරු දෙදෙනා රැකබලාගනිමින් ඇය ආදරණිය ජිවිතයක් ගත කරනවා. ඇයගේ මුළු ලෝකයම වන්නේ පුතුන් දෙදෙනා. පුතුන් දෙදෙනා එක්ක නිදහසේ කාලය ගත කරන්න ඇය කාලය වැය කරන්න අමතක කරන්නේ නැහැ. දරු මවක් වුවද ඇය දවසින් දවස ලස්සන වෙනවා. ඇය කිරුළු පාලන රැජිනක්.
මවකට තනියම දරුවන් රැකබලාගෙන ජිවත් විය හැකි බව රටටම පෙන්වූ දිරිය ගැහැනියක් තමයි ඇය. ඇය නැවත විවාහ වීමට කිසිදු අදහසක් නැහැ කියලා තමයි කියන්නේ. කඩවසම් පුතුන් දෙදෙනක් ඉද්දි ඇයට තනිකමක් නොදැනෙනවා ඇති.
Leave a Comment