Gossip

දඟකාර පුංචි පුතත් එක්ක මුතූ තරංගා දැන් ගෙවන ජිවිතේ.

මුතු තරංගා මේ නම කල ලෝකයේ නිතරම අසන්නට ලැබෙන නමක්. සීදේවි පෙනුමක් තියෙන ඉතාමත් නිහතමානී සරල චරිතයක් ලෙසින් ඇයව හදුන්වන්න පුළුවන්. නිතරම සිනහවෙන් මුව සරසාගෙන සිටින ඇයට හැමෝම වගේ ආදරය කරනවා. මුතු තරංගා දැන් අම්මා කෙනක්. ඇය විවාහ වෙලා කාලයක්ම කලාවත් එක්ක කටයුතු කළා. ඇය කියන විදියට දැන් විවාහ වෙලා වසර 15ක් වෙනවලු. නමුත් වේදීන් එකක් ගන්න වුනේ නැති එක ගැන පොඩි දුකක් තියෙන බවත් බබා එක්කම වේදීන් එකක් ගන්න හිතන් ඉන්නවා කියලත් මුතු කිවුවා.

ඉතින් පුංචි පුතත් අම්මා වගේම හරිම ලස්සන පුංචි පුතෙක්. මුතු එයා එක්කම තමයි කාලය ගත කරන්නේ. දරුවෙක් හදන්න ගත්ත කාලය වැඩියි කියලයි ඇය කියන්නේ. කළා ලෝකයේ ඉන්න සහෝදරියන්ට ඇය කියන්නේ අරුවෙක් හදන්න කල් ගන්න එපා කියලා. මගේ බබා චුටියි මම වයසයි. එයාගේ ජිවිතේ ලස්සනම කාලේදී මට ඉන්න බැරිවෙයිද කියලා බයකුත් තියෙනවා. ඇත්තටම මව් පදවිය ලබන්න ප්‍රමාද වුනා කියලා මම අද පසු තැවෙනවා.

ඉතින් බබාව දාලා ෂූටින් යන්න හිතෙන්නෙත් නෑ කියලා තමයි මුතු කියන්නේ. පුංචි පුතාගේ හුරතලය ආදරය එක්ක දවස ගත කරන ඇය දැන් සතුටින් ජීවිතය ගත කරනවා.

Leave a Comment