Gossip

දකින හැමෝම කියන්නේ මම ඉන්දියාවේ නිලියක් වගේ කියලා. දිලුෂි කියන වෙනස්ම කතාවක්.

රංගන ක්ෂේත්‍රයට නවක නිලියක් වශයෙන් පැමිණෙන ඩිලූෂි හංසිකා අද වෙද්දී රටම හඳුනන ජනප්‍රිය නිලියක් බවට පත් වෙලා සිටිනවා. කටකාර, දඟකාර, හැඩකාර ඩිලූෂි මේ දිනවල ධරණී ටෙලි සිතුවම හරහා අපට දකින්න ලැබෙනවා. ඉතින් ඇයගේ අලුත් තොරතුරු ගැන කියලා තිබුනේ මේ විදියටයි. ධරණී ටෙලිඩ්රාමා එකේ ෂූටින් වැඩ කරගෙන යනවා. ඒ වගේම පොටෝ ශුට් වලටත් ආරාධනා ලැබෙනවා. ඒවත් එක්ක අධ්‍යාපන වැඩ කටයුතුත් සමබරව කරගෙන යනවා. මම ක්ෂේත්‍රයට සම්බන්ද වෙන්න කලින් දෙරණ අවුරුදු කුමරිය තරඟයට සම්බන්ද වුනා. එහිදී තුන්වෙනි ස්ථානය මට ලැබුනේ. එතනින් ආරම්බ කරපු ගමන මේ දක්වා රංගන ශිල්පීනියක් වෙනකන් පැමිණුනා.

මගේ චරිතය ගැන කියනවා නම් චෙනුලි කියන චරිතයට මම රංගනයෙන් දායක වෙන්නේ. මගේ අක්කා තරුමිණි. අක්කාගේ ජීවිතේට උදව් කරගෙන ඉන්න නංගි කෙනෙක් තමයි චෙනුලි කියන්නේ. ඒ වගේම කිසි කෙනෙකුට හිස නමන්නේ නැති අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. මේකේ සටන් කලාවත් එක්ක ගොඩක් වැඩ කරන්න තියෙන්නේ ඒ නිසා අපේ සටන් අධ්‍යක්ෂක වරයා වන මාස්ටර් ඔසඳ සමන් බණ්ඩාර තමයි අපේ ගුරුවරයා. ටෙලිනාට්‍ය පටන් ගන්න මාස කිහිපයකට පෙර සටන් පුහුණු වෙන්න පටන් ගත්තා. සටන් ජවනිකා තියන අවස්ථාවල ඊට කලින් ඒකට දින ගනනවාක් පුහුණු වෙනවා. මම පාසල් ගියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට, දැනට කැලණිය විශ්ව විද්‍යාලයේ උසස් අද්‍යාපනය හදාරනවා. ජාත්‍යන්තර අධ්‍යන විෂය ධාරාවෙන් උපාදිය හදාරන්නේ.

ඒ වගේම ධරණි කතාවේ මට චරිතය කරන්න ලොකු වෙනසක් වෙන්න අවශ්ෂ්‍ය වුනේ නැහැ. චෙනුලි සහ මගේ චරිත දෙකම ටිකක් සමානයි. කලාවට වගේම ඉගනගන්නත් මම ගොඩක් ආස කෙනෙක්. ඉදිරියේදී මාස්ටර් ඩිග්රි එකක් දක්වා ඉගන ගන්න බලාපොරොත්තු වෙනවා. කොහොමහරි හැම වැඩක්ම සමබරව කරගෙන යනවා. කළා ක්ෂේත්‍රයේ වුනත් ප්‍රවීන රංගන ශිල්පින් සමඟ වැඩ කරන්න ලැබීමත් ලොකු සතුටක්. අලුත් අත්දැකීම් රැසක්ම ජීවිතේට ගන්න පුලුවන්. මාව දකිද්දී හැමෝම නිතරම කියනවා හිනාවෙද්දි හරිම ලස්සනයි කියලා. කාජල්ට වගේ හිනාවක් තියෙන්නේ කියලා සමහරු කියනවා.

Leave a Comment