Gossip

තාත්තා වෙන්ව ගොස් වසර 5ක් සපිරෙද්දී අබිශේකා විමලවීර තැබූ සංවේදී සටහන.

ගායන ක්ෂේත්‍රයේ නොඅමකෙන නමක් දිනාගෙන සිටින ප්‍රේක්ෂක රසික ආදරයේ උපරිමයට ගිය ඇය අබිශේකා විමලවිරයි. උණුවෙන හදවතක් තියෙන රික රසිකාවියන්ගේ දුක සැප දෙකෙහිම ඔවුන් සමගම හිටින සුහදශීලි ආදරණිය නිහතමානී සුන්දර ගායිකාවක් තමයි ඇය. ලංකාවේ මේ වෙද්දී ජනප්‍රියම තලයේ ඉන්න ගායිකාවක් වගේම නිතරම වගේ සමාජ මධ්‍යයේ කතා බහට ලක්වෙන හිත හොද ගායිකාවක් එලෙසින් ඇය කා අතරත් ජනප්‍රියයි. ඇයගේ හඩ භාවනාවක් කියලා හැමෝම වගේ කියනවා.

මතක, නිස්සාර වැනි ගීත මෙරට ආදරණිය රසික රසිකාවියන්ගේ හදවත් ස්පර්ශ කිරීමට සමත්වුණු අති සුන්දර ගීත කිහිපයකි. ඇයගේ ගීත කෙතරම් ඇසුවත් එපා නොවෙන තරමටම ඒ හඩ ඉතාමත් ම්හිරියි. ඒ වගේම රසිකයින් ඇයට ආදරය කරන්නේ ඇයගේ ගතිගුණ නිසාවෙන්මයි. ඇය ආදරණිය අම්මා කෙනෙක්. සුරතල් සුන්දර දියණියක් ඇයට සිටිනවා. ඇය තවමත් පාසල් අධ්‍යාපනය හදාරනු ලබන දියණියක්.

අබිශේකගේ ආදරණිය තාත්තා සුනිල් විමලවීර ඔහු ගැනත් බොහෝ දෙනෙක් දන්නවා. අබිශේකාගේ ලෝකයේ වීරයා වෙන්නේ තාත්තා. නමුත් අදින් වසර 5කට පෙර ඔහූ මේ ජිවිතයෙන් නික්ම ගියා. ඒ වේදනාව ඒ තනිකම අබිශේකාගේ ජිවිතයට දැනුනා කියලා කියන්න පුළුවන්. දියණියක ජිවිතයේ වැඩියෙන්ම ආදරය කරන පුද්ගලයා වෙන්නේ තාත්තා. ඉතින් නික්ම ගිය තාත්තා වෙනුවෙන් ඇය ඉතාමත් සංවේදී සටහනක් සමාජ මාධ්‍යට එක්කර තිබුනේ මෙලෙසින්,

අදට වසර පහකි. ඔබ නික්ම ගියපු තණ කොළ පිරුණු මිදුලේ කොන්ක්‍රීට් කට බැදුණි. අඹ ගැහෙ මල් පිපිම නතර විය. පිනි ජම්බු රේණු පපිස්සද කරදරයකි. ඉටේ හවස බිම දිගේ ඇදගෙන ගොස් ගිනි තැබුවේ ඒ නිසා විය යුතුය. තිබහට වතුර පොදක් දෙන්නට කිසිවකු නොවූ නිසා ගැට පිච්ච මල් වැල තරහ විය. ඔබ නිදන තැනට පැමිණියෙමි. තැඹිලි පාට සේපාලිකා ඇතිරිල්ලකින් ඔබේ ගත වැසී තිබුණි. මේ හදුන්කුරු සුවද අද පමණි. සේපාලිකා සුවද කිසිදා ඔබ අත් නොහරිනු ඇත. අපි දෙදෙනාගේම අවසන් සිනහව දෙස බලමින් මම හිත හදාගතිමි. බේබි.

Leave a Comment