අපේ ගායන ක්ශේෂ්ත්‍රය තුල ඉන්න ජ්‍යෙෂ්ඨ ගායකයෙක් තමයි කීර්ති පැස්කුවෙල් කියන්නේ. ඔහු ගායනා කරන ගීත වලට ප්‍රේක්ෂකයන් තවමත් ආදරය කරනවා. ඉතින් මේ ආදරණීය ගායකයාට එදා ලැබුණු ජනප්‍රියත්වය තවමත් අඩු නැතුව ප්‍රේක්ෂක අපේ හදවතේ තියෙන්නේ ඔහුගේ ගායන විශිෂ්ටත්වය නිසයි. කීර්ති පැස්කුවෙල් කියන නාමය ඇහෙන විටදීම අප මතකයට එන ගායනයන් තමයි කදුල ඉතින් සමාවෙයන්, කවිකාරියේ, ඔබ මා හමු වූ, තව දවසක්, සදලතා, සුදු වලාකුලක් වැනි ගීත ඉතාම ජනප්‍රියයි.

ඔහුගේ ආදරණීය දියණිය චාරුනි ගැන අපිට සුබ ආරංචියක් අහන්න ලැබුණා. ඒ ඔහුගේ දියණිය අද නොවැම්බර් 04 වෙනිදා නීතිඥවරියක් විදියට දිවුරුම් දීමයි. ඉතින් මේ ගැන ගොඩක්ම ආඩම්බර සහ සතුටු වුණේ ඇගේ ආදරණීය පියානන් වන කීර්ති පැස්කුවෙල් මහතා. ඔහු ඒ ගැන මුහුණු පොතේ සංවේදී සහ ආඩම්බර සටහනක් පළ කරලා තිබුණා.

” තාත්තගේ සිහිනය
අවුරුදු 5ක් ක් තිස්සේ නිදිමරාගෙන පාඩම් කරලා විභාග වලින් ජය අරගෙන මගේ චාරුණි දුව අද තවත් දිණුම් කණුවක් පසු කරනවා.
අද 2022 නොවැම්බර් 4දා මගේ චාරුණි දුව නීතිඥවරියක් ලෙස දිවුරුම් දුන්නා.
තාත්තා ඒ මොහොත සියැසින් දැකගන්නට මම කොතරම් පෙරුම් පිරුවත් ඒත් අවස්ථාවේ මම දුව ලග නැති එකට මට දරා ගන්න බැරි දුකක්.
හැතපුම් දහස් ගණනක් ඈත සිටියත් මගේ දුවට ආශිර්වාද කරමින් මම සිතින් ඔබ අසලමයි.
දුවගේ ඉදිරි අනාගතය සාර්ථක වී රටට වැඩදායක කීර්තිය බබලවන නීතිඥවරියක් ලෙස ඉදිරියට ම යන්න.
ඔබ උපන් බව රටට පෙන්වන්න.
එයයි තාත්තගේ සිහිනය.
මීට තාත්තා.”

Leave a Comment