ලෝචී දැන්නම් මෙයාව නොදන්නා කෙනෙක් නැති තරම්. ටික්ටොක් හරහා බිහිවී කල ක්ෂේත්රයට පිවිස ජීවිතය ජයගත් දිරිය තරුණියක්. ඇය ඇත්තටම දක්ෂයි. මුලදී එයාට ටික්ටොක් කරනනිසා විවිධ අය විවිධ දේවල් කිවුවා නමුත් පසුව ඇය යූ ටියුබ් හරහා ප්‍රේක්ෂකයා අතරට එනවා පසුව රංගන ශිල්පිනියක් ලෙස ටෙලි නාට්‍යවල රංගනයේ නිරට්ර්හ වෙන්ව. ඒ විතරක් නෙවෙයි අති දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙසත් ඇය කටයුතු කරනවා. ජිවිතේ ගොඩක් දුක් විදලා උත්සහාය නිසාම ජිවිතේ ගොඩගිය කෙල්ලෙක් කියලා කිවුවොත් හරියටම හරි.
මගේ අම්මා නැතිවුනා මම ඉගෙන ගන්න කාලේ නංගිලා දෙන්නගේ වගකීම මට පැවරුණා. මට එලේවල් කරන්න උනේ නෑ ඒ නිසා. තාත්තා කුඩම්මෙක් එක්කන් ආවා එයා අපිට ආදරය කරන අම්මා කෙනෙක් වුනේ නැහැ. ඒ ගැන ලොකු කලකිරීමක් තියෙනවා. ලොකු නංගි විවාහ වෙලා ඉන්නේ පොඩි නංගි මාත් එක්ක ඉන්නේ. එයාලා බලාගන්නේ මම.
මාත් ආදරේ හෙවුවා අවුරුදු හයක් කෙනෙකුට ආදරය කරලා විවාහ ගිවිසගත්තා. එකවහලක් යටට ගියා පවුල් ජිවිතයක් ගෙවන්න ඒ ආදරේ මට ගෙනාවේ අසුන්දර අත්දැකීම්.මම එක්ක ඉන්නකොට ඔහුට වෙන සබදතා තිබුනා. සමාව දුන්නා ඔහුට ඒත් හරිගියේ නෑ. ස්න්තිමට මම දික්කසාද වුනා.
මම දැන් පෙම්වතියක්. දිනුක ජෝන් තමා මගේ පෙම්වතා. එයා මගේ වීඩියෝ වලත් ඉන්නවා. මන් ගැන හොදට දන්නා කෙනෙක්. අපි යාළුවො වගේ ඉදියේ. එහෙම ඉඩදීම එයා මට ආදරෙයි කිවුවා. එයාගේ ගතිගුණ හොද නිසා මම ගැන දන්නා නිසා. මම කැමති වුනා. දැන් ආදරේට අවුරුදු දෙකක් වෙනවා. ලබන අවුරුද්දේ විවාහ වෙන්න බලාගෙන ඉන්නවා. එයාගේ අම්මා තමයි ලැබුන හොදම නැන්දම්මා. මට ගොඩක් ආදරය කරනවා. මගේ අම්මගෙන් පස්සේ ලැබුණු වැඩිම ආදරේ ලැබුනේ එයාගෙන්. ඉතින් ඒ ආදර කතාවට අපිත් සුබ පතනවා. ඒ වගේම ලොචිගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා හදවතින්ම අපි ප්‍රාර්ථනා කරමු.
Leave a Comment