සිනහවෙන් මුළු රටක් වසගයාට ගත්ත බොහෝ දක්ෂතාවන්ගෙන් පිරුණු ආදරණිය නිහතමානී කලාකාරිනියක් තමයි පියුමි බොතේජු කියලා කියන්නේ. ඇය ලංකාවේ ඉන්න ජනප්‍රියම තලයේ චරිතයක්. ලංකාවේ ප්‍රහසන නිලියන් ඉන්නේ ඉතාමත් සුළු පිරිසක්. ඒ අතරින් පළමු තැනක් ගන්නා රංගන ශිල්පිනියක් තමයි පියුමි කියන්නේ. ඇය හරිම ආදරණිය චරිතයක් බව හැමෝම දන්නා කරුණක්. ඒ වගේම අම්මාට තාත්තාට හරිම ආදරය කරන දියණියක්. ඇය දෙමව්පියන් වෙනුවෙන් කාලය වෙන්කරන දියණියක්.
බොහෝ අයට ජනප්‍රියත්වය එක්ක දෙමව්පියන් අමතක වෙලා යන කාලයක් තමන්ගේ අම්මා තාත්තා පන වගේ බලාගෙන ආදරය කරමින් ඔවුන්ට සෙනෙහස දක්වන නිලියක් තමයි පියුමි බොතේජු කියන්නේ. පියුමිගේ සමාජ ජාලාවලද ඒ ආදරය දැකගන්න පුළුවන්. පියුමිගේ අම්මා වගේම තාත්තා හරිම ආදරණිය චරිත දෙකක්. පසුගිය දිනක පියාගේ උපන්දිනයද ඉතාමත් ආදර්ශවත් අයුරින් සමරා තිබුනේ. දාන පින්කම් රැසක්ද සිදුකරමින්.

පියුමි කියන්නේ ඉතාමත් සුන්දර තරුණියක් වගේම ඇය තවමත් තනිකඩ ජිවිතයක් තමයි ගත කරන්නේ. අම්මගේ තාත්තගේ සෙවනේ තමයි ඇය හැදී වැඩෙන්නේ. ඉතින් පසුගිය දා පියුමිගේ ආදරණිය අම්මාගේ සහ තාත්තගේ විවාහ සංවත්සරය යෙදී තිබුනා. ඉතින් එය සමරන්නත් පියුමි අමතක කරේ නැහැ. පියුමිගේ අම්මා සහ තාත්තා හරිම ආදරණිය යුවලක්. නිතරම සිනහවෙන් මුව සරසාගෙන තමයි මේ යුවල ඉන්නේ. ඉතින් පවුලේ සමාජිකයන් සමග තමයි මේ සොදුරු අවස්ථාව සමරා තිබුනේ.
ඒ වගේම ආදරණිය ප්‍රේක්ෂකයින්ද මේ ආදරණිය යුවලට සුබ පැතුම් එක්කර තිබුනා. ඉතින් හැමදාමත් ආදරයෙන් සතුටින් නිදුක් නිරෝගිව ජීවිතය ගත කරන්න ශක්තිය දෛර්ය ලැබේවා කියා අපත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ආදරණිය අම්මාට සහ තාත්තාට මෙවැනි දරුවන් ලැබීම කෙතරම් සතුටක්ද. දෙමව්පියන්ට දරුවන්ගේ ආදරය තරම් තවත් දෙයක් මෙලොව නැති තරම්ය.පියුමි කියන්නේ හැමෝමටම ආදර්ශයක් දෙන ආදර්ශමත් රංගන ශිල්පිනියක්.
Leave a Comment