Gossip

ජනප්‍රිය නිලි තාරුකා තුන්වන විවාහ සංවත්සරය සැමරූ හැටි.

පුංචි තිරයේ අහිංසකාවිය ලෙසින් හැමෝම හදුන්වන ලාංකීය ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නේ. ඉතාමත් සුන්දර ආදරණිය චරිතයක් තමයි තාරුකා කියලා කියන්නේ. ඇය දුටුවම හරිම ප්‍රියමනාපයි. එකිනෙකෙට වෙනස් චරිත හරහා ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගන්නට ඇය සමත්වුනා. ගැමි චරිත වලට ඇය ඉතාමත් සුන්දර බව හැමෝම වගේ කියනවා. ටෙලි තිරයට නැතිවම කෙනෙක් තමයි තාරුකා කියන්නේ.

තාරුකා දැන් ආදරණිය අම්මා කෙනෙක්. ඇයට පුංචි පුතෙකු සිටිනවා. පුතා ලැබී මාස ගණනාවක් යන තෙක්ම ඇය රංගනයට පිවිසුනේ නැහැ. ඇය පුතා වෙනුවෙන් කාලය ගත කළා. ඇය කිවුවේ පුංචි කාලේ දරුවන්ට අම්මගේ සෙනෙහස අවැසි නිසාවෙන් ඔහු ලගින්ම ඉන්නවා කියලා. දැන් චුටි පුතා ටිකක් ලොකු නිසා ඇය කලා කටයුතු වලට යොමු වෙනවා දැකගන්න පුළුවන්. ඇය නිතරම සුන්දර සිනහවකින් මුව සරසාගෙන සිටින හරිම සුහදශීලි චරිතයක්.

ඇය විවහවෙන්නේ ව්‍යාපාරිකයෙක් සමග ඒ වගේම ඇය ඔහු සමග විවාහ වෙන්නේ පොරොන්දුවක් අරගෙන ඒ තමයි විවාහ වුනාම ලෝකේ වටේම ට්‍රැවල් කරන්න එක්කන් යන පොරොන්දුව පිට. ඉතින් ඇත්තටම පුංචි පුතා සහ සැමියා එක්ක ඇය නිතරම සංචාරය කරනවා දැකගන්නත් ලැබෙනවා. ඇය ඉතාමත් සතුටින් ආදරයෙන් තමයි කාලය ගත කරන්නේ.දැන් ඇය විවාහ ජිවිතයට ඇතුලත් වෙලා වසර තුනක් ගත වෙනවා.

පසුගියදා ඇයගේ තෙවැනි විවාහසංවත්සරය දී තිබුනා. හැමදාමත් සතුටින් ආදරයෙන් ජීවිතය ගත කරන්න ලැබේවා කියාත් සුබ විවාහ සංවත්සරයක් වේවා කියාත් අප හදවතින්ම ඇයට සුබ පැතුම් එක්කරනවා. ඒ වගේම සියලු අනාගත සුබ සිතුම් පැතුම් සුබ වේවා කියාත් සුබ ප්‍රර්ථනා කරනවා. ඒ වගේම ඇය විවාහ සන්වත්සරයදා සටහනක්ද එක්කර තිබුනේ මෙලෙසින්. එකට ජිවිත ගමන යන්නේ ඔයා එක්ක. අපට සුබ තෙවැනි විවාහ සංවත්සරයක් වේවා කියා.

Leave a Comment