Gossip

ජනප්‍රිය නිලි උදාරි වර්ණකුලසුරිය ලංකාව හැර යයි.

උදාරි වරනකුලසුරිය කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය න්ලියක්. ඇය සිනමාවේ ඉන්න ජනප්‍රියම තලයේ සහ දක්ෂම නිලියක් කියලා කිවුවට වරදක් නැහැ. ඇය ගැන මුළු ලංකාවම වගේ දන්නවා. අද වෙඩි ඇය මෙරට සිනමාවට නැතිවම බැරි චරිතයක් බවට පත්වී හමාරයි. ඇයගේ දක්ෂතා ඊට හේතු වෙනවා. ඉතාමත් සුන්දර තරුණියක් වන ඇය තරමක් දුරට නිරූපන ක්ෂේතරයේද දැකගන්න පුළුවන්. ඇය හරිම ආදරණිය නිහතමානී චරිතයක් බව හැමෝම දන්නවා. චරිත තුල ජීවමාන වී රංගනයේ යෙදීමේ අපූරු හැකියාවක් ඇයට තියෙනවා.

උදාරි කියන්නේ ආදරණිය අම්මා කෙනෙක්. ඇයට සුරතල් දියණියක් සිටිනවා. ඇය දැන් ලොකුයි. අම්මා වගේ හරිම ලස්සනයි. ඉතින්උදාරි විවාහ වෙන්නේ වෛද්‍යවරයෙකු සමගින්. විවාහයෙන් පසුව ඇය ලංකාවේ ඉන්නේ නැහැ. සැමියා ඉන්නේ විදෙස්ගතව නිසා ඇය සැමියා සමග විදෙස්ගත වෙලා කාලයක් එරටම සිටියා. දුව ලැබී ඇය තරමක් ලොකු වුණායින් පසුව තමයි නැවතත් ඇය ලංකාවට පැමිණෙන්නේ.

මෙවර ඇය ලංකාවේ දිගු කාලයක් රැදී සිටියා. ඒ කලා කටයුතු සදහා. ඇය නවතම චිත්‍රපට කිහිපයක රංගනයෙන් දායක වුනා.ඒ චිත්‍රපට ඉතාමත් සුවිශේෂී නිරමාණ වෙනවා. ආසු සිනමා නිරමන්ය ඒ අතරින් සුවිශේෂී වෙනවා. ඒ වගේම කවුරුවත් දන්නේ නෑ සිනමා පටය , දේවී සම්බුලා සුවිශේෂී නිර්මාණ දෙකක් බවයි දැනගන්න ලැබුනේ. පසුගිය දා ඇය සැමියා සහ දියණිය සමගින් මෙරටදී නතතල් සමරනු ලැබුවා. ඒ අවස්ථාවේ චායාරූප ඇය සමාජ මාධ්‍යට එක්කර තිබුනා.

ඉතින් ඇය ඉකුත් 30 වනදා ලංකාවෙන් යන්න ගියා. ගූඩ් බායි ශ්‍රී ලංකා යනුවෙන් සටහනක් තබා ඇය නැවතත් සිංගප්පුරුව බලා සැමියා සහ දියණිය සමගින් පිටත්ව ගොස් තිබුනා. ඇය එහිදී කියා තිබුනේ ඉක්මනින් ඔබ සැම හමුවීමට බලාපොරොත්තු වන බවයි. ඉතින් ඇයගේ සියලු සිතුම් පැතුම් මේ නව වසරේ ඉටුවේවා කියා ප්‍රර්ථනා කරනවා.

Leave a Comment