Gossip

චිලී මෙලොව වාසනාවන්ත පියා කරමින් බිරිඳ පුතෙකු බිහිකරයි.

පිය පදවිය කියන්නේ. මේ ලෝකයේ තියෙන උත්තරීතර පදවියක්. හැම කොල්ලෙක්ගේම දවසක හීනයක් තමයි පුංචි දරුවෙකුගේ තාත්තෙක් වෙන එක සහ පුංචි දරුවෙකුගේ කිරි සිනහවක් දකින එක. අලුත විවාහ වන යුවලක එකම පැතුම වෙන්නේ දරු සුරතල් බලන එක. පවුලට අලුත් අමුත්තෙක් අමුත්තියක් එක්කරන එක. චිලී කියන්නේ ලංකාවේ ඉන්න අතිදක්ෂ කලාකරුවෙක්. ඔහු ගායකයෙක් ඒ වගේම මේ වෙද්දී නළුවෙක් කියලාත් හදුන්වන්න පුළුවන්. ඒ වගේම විටෙක නිවෙද්කයෙකුගේ භූමිකාවත් ඔහු රගපානු ලබනවා.

චිලී තිලංක ඔහු විවාහ වෙන්නේ මෑතකදී. විවාහ වෙලා ඔවුන් ඉක්මනින්ම මව්පියන් වෙන්න තීරණය කරනවා. අවුරුදු ගණනාවක ඔවුන්ගේ පෙම් කතාව එලෙසින් යුග දිවියට පෙරළෙනවා.පසුගියදා චිලි සහ ආදරණිය බිරිඳ රිනී උතුම් මව්පිය පදවිය ලැබුවා. ඒ පුංචි පුතෙක් මෙලොවට බිහිකරමින්. ඉතින් අපිත් ඔවුන්ට හදවතින්ම සුබ පැතුම් එක්කරමු.

Leave a Comment