චන්දන වික්‍රමසිංහ කියලා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ නර්තන ශිල්පියෙක්. ඔහු ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ලාංකීය සාම්ප්‍රධායික නර්තන කලාවට ලොකු මෙහෙයක් ඉටුකරපු දක්ෂ ගුරුවරයෙක් තමයි චන්දන කියලා කියන්නේ, චන්දන වික්‍රමසිංහයන් නිසා මෙරටට නර්තනයට දක්ෂ බොහෝ දරුවන් බිහිවුණා. ඔහු තිදරු පියෙක් පුතුන් දෙදෙනෙකු සහ දියණියක ඔහුට සිටිනවා. දියණිය ඇය හරිම සුබදර ප්‍රියමනාප පෙනුමක් තියෙන තරුණියක්. ඇය දෙවන්ගි වික්‍රමසිංහ. චන්දන වික්‍රමසිංහගේ පන තමයි දෙවන්ගි කියලා කිවුවොත් හරියටම හරි.
ඇයගේ අම්මා වගේම සුන්දර දියණියක්. දෙවන්ගි නර්තනයට දක්ෂයි. දෙවන්ගි කාලයක් පිටරට උසස් අධ්‍යාපනය හදාරනු ලැබුවා. . ඉතින් ආදරණිය තාත්තා එක්ක අලුත් වැඩ වලින් ඔබ ඉදිරියට එන්න ඇය සුදානමින් තමයි ඉන්නේ. ඉතින් තාත්තගේ සහ මේ දුවගේ නර්තනයන් එකට දකින්න හැමෝම කැමැත්තෙන් තමයි ඉන්නේ. දෙවන්ගිගේ පවුල හරිම සුන්දරයි. අම්මා තාත්තා මල්ලිලා දෙන්නා මෙයාලා හරිම ආදරණිය නිහතමානී ජිවිත ගෙවන අය . ඉතින් පවුලක් ලස්සන වෙන්න ආදරය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනනේ. ඉතින් දෙවන්ගිගේ පුංචි පවුලේ නම් එය අඩුවක් නැතිව තියෙනවා.
නර්තන ශිල්පියෙකුගේ දියනියක් වීම ඇත්තටම ආඩම්බරයක්. ඇය හොදින් ඉගෙන ගෙන ජිවිතයේ හොද ගමනක් යන්න උත්සහ කරන තරුණියක්. අනාගතයේ යම් දිනක අපේ රටේ සම්ප්‍රධායික නර්තන කලාව තවත් පරම්පරා කිහිපයකට බෙදාදෙන්නට ඇයටත් හැකියාව ලැබේවා කියා අප හදවතින්ම සුබ පැතුම් එක්කරමු. ඒ වගේම දෙවන්ගිගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියාත් අපි ප්‍රාර්ථනා කරමු.
Leave a Comment