චතුරිකා පීරිස් කියලා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය නිලියක්. ඇය විවාහ වෙන්නේ ලංකාවේ ඉන්න තවත් දක්ෂ කඩවසම් නළුවෙක් සමග ඔහු තමයි ගයාන් වික්‍රමතිලක කියලා කියන්නේ. මේ දෙදෙනා විවාහ වෙලා ඉතාමත් ආදරණිය ජිවිතයක් ගත කරනවා. මේ දෙන්නගේ පුංචි පවුල හැඩකාරන්න ආරාධනා දෝනි මෙයාලා ලගට එනවා.
අම්මා වගේම කටකාර දන්ගාකර ලස්සන දුවණියක් තමයි එයා. දැන් එයා ලොකුයි. අවුරුදු තුනක් දැන් එයාට. ඉතින් චතුරිකා දුවගේ උපන්දිනය වෙනුවෙන් එක්කර තිබුනේ මෙවැනි පැතුමක්.
දිවයලොකෙන් මගේ ලෝකෙට ආපු පුංචි සුරංගනාවී අද ඔයාගේ උපන්දිනය ඔයා අපි ලඟට ඇවිත් අවුරුදු 3ක් වෙනවා.ඔයාගේ ලස්සන හිනාවෙන් කතාවෙන් ඔයා අපි දෙන්නවම විතරක් නෙවෙයි මුළු ලෝකෙම සතුටු කරනවා.ඔයාට ගොඩක් පින් අපේ ලෝකේ ලස්සන කරනවාට.උපදින හැම ආත්මෙක මගේම දෝනි වෙන්න මගේ බෝනික්කියේ හැමදාම වගේ අදත් මම ප්‍රර්ථනා කරන්නේ ඔයා මගේ ආයුෂත් අරගෙන ලස්සනට ජිවත් වෙන්න ඕනේ කියන එක.සුභ උපන්දිනක් මගේ පන.ඔයට තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටයි බුදුසරණයි.
Leave a Comment