Gossip

චතුරිකාගේ දුව ආරාධනාගේ හැමෝම හොයපු උපන්දින සාදය.

දුවෙක් කියන්නේ ගෙදරට මිනි පහනක්. ආලෝකයක් කියලා කිවුවොත් හරියටම හරි. දුවෙක් ඉන්න ගෙදර හරිම සිරියාවන්තයි කියලා කිවුවොත් හරි. ඉතින් පවුලකට දුවෙක් එකතු වෙනවා කියන්නෙම වාසනාවක්. ගයාන් සහ චතුරිකා කියන්නේ. ලංකාවේ හැමෝම දන්නා ජනප්‍රිය චරිත දෙකක්. මේ දෙන්නා විවාහ වෙලා දැන් ලස්සන දියණියක් ඉන්නවා. දඟකාර කෙලි පොඩිත්තක් තමයි ඇය. ඇයගේ නම තමයි අරාධනා. අරාධනාට හැමෝම ආදරය කරනවා. ඒ එයාගේ හුරතල් දඟකාර බව නිසා.

ඉතින් දැන් ආරාධනා දෝනිට අවුරුදු තුනක්. කාලය ඉක්මනින් ගෙවිලා යනවා. දඟකාර පුංචි කෙල්ල දවසින් දවස ලොකු වෙනවා. ඒ එක්කම එයාගේ ජිවිතේට අලුත් බලාපොරොත්තු එකතු වෙනවා. එයා දැන් නර්සරි යනවා. ගයාන්ගේ පුංචි කැදැල්ලේ සතුට දැන් අරාධනා නිසා දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ. පුංචි දෝනිගේ දඟ වැඩ වලින් ගෙදර පිරිලා තියෙන්නේ. පසුගියදා ඇය තුන්වෙනි උපන්දිනය සමරනු ලැබුවා.

ඒ වගේම කළා තරු එකතු වෙලා දියණියගේ උපන්දින සාදය තවත් ලස්සන කරලා තිබුනා. රතු පාටින් සැරසිලා. ලස්සන මිකී මවුස් කේක් එකක් අරාධනා වෙනුවෙන් සුදානම් කරලා තිබුනා. අපිත් ඇයට සුබ උඅපන්දිනක් කියා සුබ පැතුම් එක්කරමු.

Leave a Comment