සුමියුරු හඬකින් මිනිසුන්ගේ හදවත් වසග කල ප්රවීන ගායිකාවක් තමයි නිරෝෂා විරාජිනී කියන්නේ. දශක තුනකට අධික කාලයක් තිස්සේ සංගීත ක්ෂේත්රයේ සිටින ඇය දැන් ගෙවන ජීවිතය ගැන වගේම කලාවේ අලුත් තොරතුරුත් මේ විදියට කියලා තිබුනා.
මොකද ඒ වගේ කෙනෙක් හිටියත් අපේ රට ඇතුලේ ඉන්නවා නම් වටිනා කමක් ලැබෙන්නේ නැහැ. වෙනත් රටවල් ගත්තම කලාව කියන දේට ප්රධානම තැනක් ලැබෙනවා.
උදාහරණයක් විදියට ඉන්දියාවේ ලොකු තැනක් හිමි වෙලා තියනවා. නමුත් ලංකාවේ එහෙම දෙයක් මම දැකලා නැහැ. නමුත් පාලකයෝ ගැන හෝ දේශපාලනය ගැන කතා කරන්න මම කැමති නැහැ.
ඒ නිසා කාටවත් ඕනේ විදියට මම වැඩ කරන්න ලෑස්ති වෙලා නැහැ. මගේ ගමන ගැන මට හොඳ අවබෝදයක් තියනවා. වර්තමානයේ කලාවේ වුනත් ගැහැණුන්ගේ කකුල් දෙක,පස්, සපත්ත මොනතරම් මාකට් කරනවාද.
මට හිටෙනවා ඒක හොඳ මාකටින් ටූල් එකක් කියලා. නමුත් ඒ දේවල් අපේ රටවල් වලට මොනතරම් ප්රයෝගික වේවිද කියන දේ ගැන හරියටම කියන්නේ නැහැ. කලාවෙන් යමක් රටට කරන්න ඕනේ කියන තැන අපි හැමදාමත් ඉන්නේ.
Leave a Comment