Gossip

කළා තරු පිරිවරන් යශෝධා විමලධර්ම උපන්දිනය සමරූ හැටි.

යශෝධා විමලධර්ම කියලා කියන්නේ අපේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න ඉතාම ජනප්‍රිය කවුරුත් ආදරය කරන ප්‍රතිභා පුර්ණ රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසිලා තියෙන්නේ ඇයගේ පාසල් කාලයේ ඉදලාමයි. ඒ වගේම මේ රටක් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා එදා මේදා තුල ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් තුල රැදී ඉන්න ජනප්‍රිය චරිතයක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් ඒ වගේම මේ වනවිට කළා ක්ෂේත්‍රය තුල නොමැකෙන නමක් තබා සිටින ඇය තවමත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් දැන් ඇයට වයස අවුරුදු 50ක් ඉක්මවුවත් තාමත් තරුණ රංගන ශිල්පිනියක් වගේ ඉන්න මේ සුන්දර රංගන ශිල්පිනිය යම් නිහඩතාවයකින් පස්සේ පුංචි තිරයෙන් අපට පහුගිය කාලයේ දකින්න ලැබුනේ නෑනලා ටෙලිනාට්‍ය හරහායි.

කොහොම නමුත් ඇයගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් කළා තරු රැසක් එකතු කරගෙන බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව පවත්වලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකර ගන්නත් ඇය අමතක කරලා තිබුනේ නැහැ.

ඉතින් මේ අපූරු උපන්දින සාදයේ සුන්දර අවස්ථා මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න ජනප්‍රිය ඡායාරූප කරන ආයතනයක් වන ඩාර්ක් රුම් ආයතනය විසිනුයි.

Leave a Comment