Gossip

කවඩියාගේ අලුත්ම නාඩගම්කාරිය වුන මනෝ උපදේශිකා සුරූපී මධාරා.

නාඩගම්කාරයෝ නොබලන කෙනෙක් නැති තරම්. සමාජයට පණිවිඩ රැසක් දෙන අලුත්ම විදියේ කතාවක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ. මේ වෙද්දී මේ කතාවේ ඉන්න හැම චරිතයක්ම වගේ ලංකාවේ අතිශයින් ජනප්‍රියයි. ප්‍රධාන චරිත වගේම සෙසු චරිත කතාව පුරාවටම විශේෂ කතාබහට ලක්වෙනවා. මෙම කතාවට අලුතෙන් එකතුවුන සුන්දර රුවැත්තිය. ඇය තමයි හංසි. ඉතාමත් සුන්දර ගැමි තරුණියක්. මාස්ටර්ගෙන් සංගීතය ඉගෙන ගන්න තමයි ඇය එන්නේ.

කවඩියා තරමක් හිතවත් වෙන්න උත්සාහ කරන චරිතයක් තමයි හංසි කියන්නේ. කොහොම වුනත් එතන ආදර කතාවක් පටන් ගනීද කියන්න දන්නේ නැහැ. මේ හංසි කියන්නේ කවුද. ඇය මධාරා සෙව්වන්දි. ඇය වෘත්තියෙන් මානෝ උපදේශිකාවක්. පුංචි කාලේ ඉදලා ඇයගේ ආසාව වුනෙත් ඒකම තමයි. දැන් ඇය ඒ සිහිනය සැබෑ කරගෙන අවසන්.

ඇය කියන්නේ අංක එක රැකියාව කියලා. රණගනය රැකියාවට බාධාවක් වුනොත් රංගනයෙන් ඉවත්වෙනවා කියලයි ඇය කියන්නේ. තාත්තා රඟපානවට අකමැති බවයි ඇය කියන්නේ. ඇයගේ ගම ගාල්ල. කොහොම නමුත් දැන් ඇය ජනප්‍රිය චරිතයක්. ඉදිරියේදී ඇයගේ රංගන කටයුතු කතාවෙන් නරඹන්න පුළුවන්. කොහොම නමුත් ෂූටින් යද්දී වගේම හැමදේකදිම අම්මා තමයි ඇයගේ පස්සෙන්ම ඉන්නවා කියලා ඇය කියන්නේ.

Leave a Comment