කලිදු කරුනාරත්න මේ නම නම් ලංකාවේ හැමෝටම හුරුපුරුදු නමක්. හැමෝම ආදරය කරන චරිතයක්.දෙරණ ප්‍රවෘත්ති හරහා ප්‍රේක්ෂකයා අතරට එන ඔහු කා අතරත් ජනප්‍රිය චරිතයක් බවට පත්වුනා. ඔහුගේ ඉදිරිපත්කිරීමට හැමෝම කැමතියි. ලොකු කුඩා හැමෝම ඔහුට ආදරය කරනවා. සම්මාන දිනු නිවේදකයෙක් ලෙස ඔහු හදුන්වා දෙන්න පුළුවන්. ඉතාමත් නිහතමානී හදවතක් තියෙන පුද්ගලයෙකු ලෙස ඔහු කා අතරත් නමක් දිනා සිටිනවා.
කලිදු කියන නමත් එක්කම කියවුණු අනිත් නම තමයි මනිෂා. කලිදු මනිෂා ආදර කතාව සමාජ මාධ්‍යයේ ඉතාමත් ජනප්‍රිය වුනා. නමුත් මෑතක සිට ඔවුන් දෙදෙනා නිහඩව සිටිනු දැකගන්න ලැබෙනවා. ඒ වගේම කලිදු සංවේදී සටහනක් සිය සමාජ මාධ්‍යට ගිණුමටඑක්කර තිබෙනවා.
ආදරය කියන අකුරු හතර හැගීමක් වු තැන හමුවෙන, සදාතනික නවාතැන් යැයි සිතූ සමහර හදවත් කුලී වාසස්ථාන කියලා කාලය පසක් කරනවා. ආදරය ඉදිරියේ අවංකව තදින් බැදෙන හැම කෙනෙක්ටම කිසිවිට හැරනොයන සදාතනික සෙවනක් මුණගැසේවා. ඒ ඔහු එක්කල සටහනයි. ඇත්තටම මේ සටහන විරහව ගැනද. ඔවුන්ගේ ප්‍රේම කතාව නිමවෙලා කියලත් බොහෝ දෙනා අදහස් දක්වා තිබෙනු දැකගන්න පුළුවන්.
Leave a Comment