Gossip

එයා ගිහින් අවුරුදු දෙකක්. මම තාම ඒ මතකවල පැටලිලා. හර්ෂි කියයි

හර්ෂි රසංගා ලංකාවේ කළා ක්ෂේත්‍රයේ සිටින යෞවන රංගන ශිල්පිනියක්. ඉතාමත් කෙටි කාලයක් තුල ක්ෂේත්‍රයේ ආදරය දිනාගත් ආදරණිය රංගන ශිල්පිනියක් තමයි හර්ෂි කියලා කියන්නේ. තාදී ටෙලි නාට්‍යයේ , හදවතේ කතාව , හිතුවක්කාරී , ලංවී ආදී ටෙලි නාට්‍ය රැසකම ඇය රංගනයෙන් දායක වුනා. ඒ චරිත බොහොමයක් එකිනෙකට වෙනස් චරිත ඒ හැම චරිතයකටම ඇය උපරිම සාධාරණයක් ඉටුකරනු ලබනවා.

හර්ෂි රංගනයට පමණක් නොව නර්තනයට දක්ෂ කෙනෙක් කවිදු සමගින් කවර් ඩාන්ස් කිහිපයක්ම ඇය කරනු ලැබුවා. ඒ වගේම ඇය නිවේදනයටත් දක්ෂයි. නිරූපන ශිල්පිනියක් ලෙසත් ඇය විටෙක පෙනී සිතින්වාඅ. ඉතාමත් පුංචි වයසකදී කළා ක්ෂේත්‍රය තුල දිගු දුරක් එන්නට එයාට වාසනාව උදාවුනා. ටික් ටොක් සමාජ මධ්‍යයේද ඇය අතිශය ජනප්‍රිය චරිතයක්.

හර්ෂි ඉතාමත් සංවේදී වෙමින් පසුගිය දිනක සමාජ මාධ්‍යට සටහනක් එක්කර තිබුනා. ඒ ඇයගේ මිත්තනියගේ වියෝව ඇයගේ ජිවිතයට එක්කල තනිකම ගැන කියමින් ඒ මෙලෙසින්, දේවල් ලැබෙන්න පටන් ගද්දි හැමදේම බෙදාගත්තා එයා අපිව දාලා ගිහින්.හිතට සතුට කියන දේ ලැබෙන්න පටන් ගද්දි මාව සතුටින් තියපු එයා අපිව දාලා යන්න ගිහින්. මගේ අතින් වැරදි වෙන්න පටන් ගද්දි මගේ වෙච්ච හැම වර්ද්දටම අවවාද දීපු එයා අපිව දාලා ගිහින්. කොහොමද මේක දරාගන්නේ. එයාට හැමදාම ඕන වුනේ මම හැමදාම සතුටින් ඉන්නවා බලන්න ඒත් අද මම සතුටින් ඉන්නවා බලන්න දැන් එයා නෑ. එයාට ඕන වුනේ මාව හොද ළමයෙක් වෙනවා බලන්න. ඒත් මම හොද ළමයෙක්ද කියලා බලන්න දැන් එයා නෑ. එයාට හැමදාම ඕන වුනේ මම ජනප්‍රිය වෙනවා බලන්න, ඒත් අද මගේ ජනප්‍රියත්වය බලන්න අද එයා නෑ. කොහොමද මේක දරන්නේ. සතුටින් ඉන්න හැමවෙලාවෙම මතක් වෙන්නේ අනේ එයා දැන් නෑනේ කියලා. වරදින තැන වලදී හිතෙන්නේ අනේ එයා හිටියනම් කියලා. එයා ගිහිල්ලා දැන් අවුරුදු දෙකයි මස එකොළහක් ඒත් තවමත් මම ඒ මතකයේ පැටලිලා. සංසාරයේ කවදකහරි ආයෙත් එයාගේ මිනිබිරිම වේවා.

Leave a Comment