Gossip

එකම දිනක විවාහවූ ඇන්තනි පවුලේ දරුවන් තෙවන විවාහ සංවත්සරයට තැබූ සටහන.

ජැක්සන් ඇන්තනි කලාකරුවා කියන්නේ ලංකාවේ ප්‍රේක්ෂකයාගේ ආදරය නොඅඩුවම දිනාගත් ආදරණිය චරිතයක්. ඔහු ගැන ලංකාවේ හැමෝම වගේ දන්නවා. ඔහු සැබෑම දක්ෂයෙක්.කලාවට නැතිවම බැරි චරිතයක්. ගයන්න, වයන්න, ලියන්න, රංගනයේ යෙදෙන්න, ලියන්න, නිවේදනයට එකී මෙකි නොකී මේ හැමදේටම ඔහු එකලෙසින්ම දක්ෂයි. ඒ වගේම ඔහුගේ ආදරණිය බිරිඳ කුමාරි මහත්මියත් එලෙසින්ම දක්ෂ කලාවට නැතිවම බැරි චරිතයක්. රංගනය ගායනය මේ දේවල් ඇයට ඉතාමත් සුළු දෙයක්. මේ දෙදෙනාගේ ලෝකය ලස්සන කරන්න එකතුවෙන්නේ දරුවන් තිදෙනෙක්. ඒ දියණියක සහ පුතුන් දෙදෙනෙක්. ඒ තිදෙනාම දැන් කලා ලෝකයේ දැන් දැවැන්ත චරිත තුනක්. ඔවුන් විවාහ වුනෙත් එකම දිනක වීම සුවිශේෂී වෙනවා.

මාධවී වත්සලා ඇන්තනි. ජැක්සන් මහතාට සහ කුමාරි මහතාට කුළුදුලේ ඉපදුන දියණිය තමයි ඇය. ඉතාමත් සුන්දර තරුණියක් ඇය. අම්මා තාත්තා වගේම ඉතාමත් දක්ෂ චරිතයක් තමයි ඇය. මේ වෙද්දී ඇය ලංකාවේ ජනප්‍රියම නිලියක්. පුංචි තිරයේ වගේම සිනමාවේ ඇය ඉතාමත් ප්‍රසිද්ද චරිතයක්. ඒ වගේම ගායනයට, නිවේදනයට, නර්තනයට සහ ලියන්නත් ඇය ඉතාම දක්ෂයි. ඇය විවාහ වන්නේ මිලාන් සමගින්. අද ඔවුන්ගේ තෙවෙනි විවාහ සංවත්සරය මල්ලිලා දෙදෙනා සමගින් ඇය එකම දිනකදී තමයි විවාහ වුනේ. ඇය තෙවෙනි විවාහ සන්වතසරය සමරමින් සටහනක් තබා තිබුනේ මෙලෙසින්, ආදරය පිළිබද අවබෝධය වැඩුණු සුබ තෙවැනි සංවත්සරයක් වේවා.

අකිල ධනුද්දර කියන්නේ. ජැක්සන් ඇන්තනි මහතාගේ ලොකු කොල්ලා. ඔහු ආදරණිය පුතෙක් වගේම දක්ෂයෙක්. ඔහු රංගනයට, ගායනයට, නිවේදනයට, නර්තනයට දක්ෂ චරිතයක්. ඔහු විවාහ වෙන්නේ සුරූපී යුවතියක් වන එමි සමගින් ඉතාමත් සුනදරව ජීවිතය ගත කරන ඔවුනට පළමු විවාහ සන්වත්සරයදාම පුංචි දියණියක් උපදිනවා. ඒ සකී ආරන්‍යා. එයා නිසා හැමෝම සතුටින්. විවාහ සංවත්සරයත් දුවගේ දෙවැනි උපන්දිංයත් සමරමින් ඔහු මෙලෙස සටහනක් එක්කර තිබුනා. මගේ ජිවිතේ ඔයා නිසා ලස්සන උනා ඔයා ඇත්තටම දිව්‍ය ලෝකෙන් ආපු සුරංගනාවියක්. ඇත්තමයි. අප්පච්චියි අම්මයි මට මගේ ජිවිතේ දුන්නට පස්සේ මට දුන්න ලොකුම තෑග්ග දුන්නේ ඔයා. ඒ තමයි මගේ ආරන්‍යා. දුව ඉපදෙන්නේ පලමු විවාහ සංවත්සරය දවසෙම. සුරංගනාවියෝ පොලවට බහින්නේ සුබ නිමිති බලලා. ඔයා තමයි මගේ ජිවිතේ සුරංගනා ලෝකයක් කරේ කරදර ප්‍රශ්න කියන දේවල් කාටත් පොදුයි ඉස්සරහටත් එහෙමයි. මොන දේ උනත් ඒ හැමදේටම ඔයා මාත් එක්ක ඉන්නවා කියලා මම දන්නවා. මාත් එහෙමයි මට පුළුවන් උපරිමයෙන් ඔයාගේ ලෝකෙත් මම සුරංගනා ලෝකයත් කරනවා කරනවාම තමයි ඒක ආයේ දෙකක් නෑ. ආදරෙයි මගේ පන.

සජිත ඇන්තනි කියන්නේ ජැක්සන් ඇන්තනි මහතාගේ බාල පුතු. ඔහු ජැක්සන් ඇන්තනිගේම අනුරුවක් කියලයි හැමෝම කියන්නේ. ජැක්සන් ඇන්තනිගේ රංගන හැකියාව්මයි ඔහු තුලින් පෙනෙන්නේ. ඔහු දක්ෂ කලාකරුවෙක්. ලංකාවේ ඉන්න දක්ෂ නළුවෙක්. මේ දිනවල ලංකාවේ ඉන්න දක්ෂම නළුවෙක් වගේම හැමෝම කතාකරන නළුවෙක් ඔහු. නාඩගම්කාරයෝ සරාගේ චරිතය නිසා ඔහු ගැන හැමෝම කතාවෙන්වා. ඔහු විවාහ වෙන්නේ බූවී සමගින්. ඉතාමත් ආදරයෙන් ඔවුන් සතුටින් කාලය ගත කරනවා. සුබ විවාහ සංවත්සරයක් වේවා අපිට යනුවෙන් ඔහුද සුබ පැතුම් එක්කර තිබුනා.

Leave a Comment