Gossip

එංගලන්ත පෙම්වතා තෝරන ඇඳුම් ඇදලා හැඩට ඉන්න ජනප්‍රිය නිලි හිමයා බණ්ඩාර.

හිමායා බණ්ඩාර නම වගේම ලස්සන යුවතිය. කලා ලෝකයේ ප්‍රේමනීය කුමරිය ඇය තමයි. සොනාලි ටීචර් ලෙසින් ප්‍රේක්ෂකයාගේ ආදරයට පාත්‍ර වෙන්නට ඇයට හැකියාව ලැබුනා. ඇය තවමත් බොහෝ දෙනා හදුනන්නේ සොනාලි ටීචර් ලෙසින්. ඇය දෙවැනි ඉනිමේ ආදරණිය ගුරුවරියක් බවට පත්වුනා. ඒ චරිතය බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක් බවට පත්වුනා. අදටත් එම චරිතය ඉතාමත් ජනප්‍රියයි.

ඇයට බොහෝ විට ලැබෙන්නේ ගුරුවරියකගේ චරිත. ගුරු භූමිකාව ඇයට ගැලපෙනවා කියලා කියන්නත් පුළුවන්. හිමායා හදවතේ කතාවේ ආදරණිය ගුරුවරියක් බවට පත්වුනා. නමුත් ගෙඉම් ගැටළු නිසා ඇය ඉවත් වුන බව ඇය පසුව කියා සිටියා. ඇය ඉතාමත් ජනප්‍රිය රනගන ශිල්පිනියක්.නමුත් මේ දිනවල නම් ඇය න්බිඅරනතරයෙන් නිරමාණ තුලින් දැකගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. කාලයක් ඇය අසනීපයෙන් පසුවුණා.

ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පිඩා විදපු නිසා ඇය කාලයක් පුරාවට ප්‍රතිකාර ලබාගනු ලැබුවා. කෑම බිම අතපසු වීම නිසා රෝගී උනා කියලයි ඇය පවසන්නේ. ෂුටින් ගියාම කාර්යබහුල තත්වය නිසාම උදේ අහාර වෙලා මගහැරෙන නිසා නිසා තමයි ඇය ඒ ගැටලුවට මුහුණදීලා තිබුනේ. ඉතින් දැන් ඇය සුවෙන් කාලය ගත කරනවා. ඉතාමත් නිදහසේ සතුටෙන් මේ වෙද්දී ඇය කාලය ගත කරනවා. දුප්පත් මිනිසුන්ට හැකි අයුරින් පිහිට වෙමින් සැවොටම සහය වෙමින් ඇය සුහදව කටයුතු කරනවා.

ඇය තවමත් තනිකඩ දිවියක් ගත කරන්නේ. නමුත් ඇයට පෙම්වතෙක් ඉන්නවා. ඔහු ඉන්නේ එංගලන්තයේ බවත් ඇය කියා සිටියා. හිමායා කියන්නේ හරිම ලස්සනට ඉන්න කැමති විවිධ විලාසිතා කරන යුවතියක්. තාරුණ්‍යයේ ආකර්ෂණය දිනාගත් තරුණියක්. ඉතින් ඇයගේ සුන්දරත්වය වැඩි කරන්න ඇයගේ ඇඳුම් තෝරා දෙන්නේ ඇයගේ එංගලන්තේ ඉන්න පෙම්වතා බවයි ඇය කියා සිටින්නේ.ඉතින් මේ ආදරණිය රංගන ශිල්පිනියගේ ඉදිරි කටයුතු සුබ වේවා කියා අප ප්‍රර්ථනා කරනවා.

Leave a Comment