Gossip

උපන්දිනය දා හරින්ද්‍රගේ දෑසට කදුළු එක්කල බිරිඳගේ සප්‍රයිස් එක.

හරින්ද්‍ර ජයලාල් ඔහු ගැන කියන්න වචන නැති තරම්. ඒ තරමටම ඔහු ලංකාවේ ජනප්‍රියම දක්ෂම හිත හොද ආදරණිය නිවේදකයෙක්. ඉතින් ඔහු ගැන කියන්න බොහෝ දේ තිබෙනවා. ජනප්‍රියත්වය කොතෙක් තිබුනද නිහතමානීබාවයේ කිසිදු වෙනසක් නැති සුහදශීලි බවේ කිසිදු වෙනසක් නැති ආදරණිය චරිතයක් තමයි ඔහු. ස්වර්ණවාහිනියෙන් මුළු ලංකාවම හදුනාගත් ඔහු දැන් හරින්ද්‍ර ජයලාල් යූ ටියුබ් නාලිකාවෙන් මුළු ලංකාවම දෝතට ගෙන හමාරයි. ප්‍රේක්ෂකයා දැන් ඔහු සමගින් යු ටියුබ් තුලින් එකතුවෙන්නේ පෙරටත් වඩා ආදරයකින්.

ඔහු මෙරට ප්‍රේක්ෂකයා ආතර ආදරණිය ප්‍රවෘත්ති නිවේදකයෙක් වුවා වගේම අමාදහර තුලින් බොහෝ දේ සමාජ ගත කිරීමට උත්සාහ දැරුවා. ඒ උත්සාහය දැන් ඔහු පෙරටත් වඩා හොදින් ඔහුගේම යු ටියුබ් නාලිකාව ඔස්සේ සුධම් සබාව ලෙසින් ඉදිරියට කරගෙන යනු ලබනවා. ඒ සදහා ඔහුට ඉතාමත් හොද ප්‍රතිචාර ලැබෙනවා. ඔහුගේ ඇති ලෙන්ගතුකම ඒ නිරහන්කාරි බව ඔහුගේ සාර්තකවයට ඇති ආබරණයක් වනවා.

හරින්ද්‍ර කියන්නේ ආදරණිය තාත්තා කෙනෙක්. ඔහුට ආදරණිය පුතෙකු සිටිනවා. ඔහුගේ ජිවිතේ ආලෝකය සපයන්නේ ආදරණිය බිරිඳ පවිත්‍රා වගේම ආදරණිය පුතු විසින්. ඉතින් මේ තුන්දෙනා ඉතාමත් සුන්දරව ආදරයෙන් ජීවිතය ගත කරනවා. ඊයේ ආදරණිය නිවේදක හරින්ද්‍ර ජයලල්ගේ උපන්දිනය දී තිබුනා. ඉතින් ඒ වෙනුවෙන් ඔහුගේ සමීපතමයන් එකතු කරගෙන ඔහුව පුදුම කරවන දෙයක් සිදුකරන්න බිරිඳ කටයුතු කර තිබුනා. ඒ අවස්ථාවේ හරින්ද්‍රගේ දෑසට සතුටු කදුළු ඉනුවේ ආදරය නිසාවෙන්මයි. ඔහු ඇත්තටම පුදුම වුන බව ඔහු කියා තිබුනා.

ඔබේ ආදරේත් අරන් සතුටින්ම වයසට යන්නම්, මුලින්ම සුබ පැතුම් එකතුකරමින් මට ආශිර්වාද කරාට ස්තුතියි. ඔබේ සුබ පැතුම් චිරාත් කාලයකට මට ශක්තියක් වන බව පවසන්නේ හදවතින්මයි. ඒ අතරේදී මාව පුදුම කරවමින් සතුටු කරවන්නට සුන්දර අවස්ථාවක් නිර්මාණය කල මට හැමදාමත් එක කුස උපන් සහෝදර සහෝදරියන් වගේ ඉන්න මගේ ආදරණිය මිතුරනි. ඔබ සැම මට හොරා සැලසුම් කල ඒ සුන්දර මොහොත දුටු සැනින් මට කදුළු නවතාගන්නට බැරි වුයේ නුඹලා ගැන උපන් සැබෑ ආදරයටයි. සතුටේදී නැගෙන කදුළු වචන වලට වඩා හරිම බරයි. මගේ වහල යට මාත් එක්කම සිටිමින් ඒත් මට ඉගියක්වත් නොදී පවිත්‍රා ගලප්පත්ති මේ හැමදේම හොදම විදියට සැලසුම් කරපු හැටි ඇත්තටම පුදුමයි. ඉතින් අවසරයි මට නුඹලාගේ ආදරයත් අරන් සතුටින්ම වයසට යන්න. ඔහු එලෙසින් අවසාන ලෙස ස්තුති එක්කර තිබුනා. ආදරණිය නිවේදකයාණනි ඔබට නිදුක් නිරෝගී සියලු පැතුම් ඉටුවෙන සුබ උපන්දිනක් වේවා කියා අප හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment