නුවන් ගුණවර්ධන කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ ගායකයෙක්. ආදරණිය නිහතමානී චරිතයක්. ඒ හඩට හැමෝම ආදරය කරනවා. ඔහුගේ ආදරණිය පුතු තමයි හැමෝම දන්නා හදුනන ගායන ශිල්පියෙකු වගේම රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධන. මේ ආදරණිය ගායකයා වන නුවන් ගුණවර්ධනයන් නොසිතු ලෙසින් ඊයේ දිනයේදී මෙලොව හැර යනු ලැබුවේ සියලු ලක්වාසීන් කම්පාවට පත්කරමින්. ඔහුගේ වෙන්ව යාම ගායන ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක්. ගයාන්ට තාත්තා කියන්නේ මුළු ලෝකයක්. තාත්තා සමග ඔහු නිතරම එකට කාලය ගතකලා. ඔහුගේ ගීත ගායනා කරා. පියාගේ හදිසි වියෝව ගයාන්ට කෙලෙසින් දැනෙනවා ඇතිද. ආදරණිය තාත්තගේ ආදරය ඔහුට දැනෙන විදිය ඔහු මිට පෙර සටහනක් එක්කර තිබුනා. ඒ සටහනෙහි එක තැනක ඉපදෙන හැම ආත්මේම මගේම තාත්තා වෙන්න යනුවෙන් ද ඔහු සදහන් කර තිබුනා. ආදරණිය ගයකයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා.
Leave a Comment