කිරි සිනා පුංචි පැටියෙකුගේ හිනාවක් කියන්නේ හැම දුකක්ම වේදනාවක්ම නැති කරන හරිම ආදරණිය දෙයක්. ඉතින් පුංචි පැටියෙක් ගෙදර ඉන්නවා කියන්නේ හරිම සිරියාවන්තයි. ඒ ගෙදර හරිම සුන්දරයි . ඉතින් කලා ලෝකයේ ආදරය දිනාගත් සුවිශේෂී කලා පවුල් තියෙනවා. ඒ අතරින් මුළු ලංකාවම දන්නා හදුනන ඒ වගේම හැමෝගෙම ආදරය දිනු පවුලක්. ඒ තමයි ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ ආදරණිය පවුල ඔහු ගැන කියන්න තියන දේ නම් බොහොමයි. ජැක්සන් ඇන්තනි කියන්නේ ලංකාවේ කලාව උදෙසා මහගු සේවයක් ඉටුකරන දැවැන්ත චරිතයක්.
ජැක්සන් ඇන්තනී කලාකරුවා කියන්නේ දක්ෂ ගායකයෙක්, රචකයෙක්, නළුවෙක්, නිවේදකයෙක්, නර්තන ශිල්පියෙක්, එකී මෙකි නොකී බොහෝ දේට දක්ෂ චරිතයක්. ඒ විතරක් නෙවෙයි ඔහුගේ ආදරණිය බිරිඳ කුමාරි මහත්මියත් එලෙසින්ම දක්ෂ කලාකාරියක් බව නොරහසකි. පුංචි තිරයේ වගේම සිනමාවේද ඔවුන් අති විශිෂ්ට දක්ෂයින් වේ. ඔවුන්ගේ පුංචි පවුලේ දරු තිදෙනෙකු සිටිනවා. ලොකු දුව මාධවී ලොකු පුතා අකිල සහ පොඩි පුතා සජිත මේ තිදෙනාම දැන් කලා ලෝකයේ නම් දැරූ දක්ෂයින් බවට පත්වී හමාරයි.

මේ දරු තිදෙනා විවාහ වෙන්නේද එකම දිනක. ඉතින් මේ අක්කලා මල්ලිලාගේ සහෝදර බැඳීම අති විශිෂ්ටයි . ලේලියන් තිදෙනාත් ජැක්සන් මහතාගේ දුවරුන් හා සමානයි. ඉතාමත් සතුටින් ආදරයෙන් සහයෝගයෙන් ඔවුන් ජීවත්වෙනවා. ජැක්සන් ඇන්තනි මහතා සියා කෙනෙකු කරමින් පවුලට පළමු වරම එකතුවන්නේ මිනිබිරියක් . ඒ ආදරණිය ලොකු පුතා අකිලගේ දියණිය සකී ආරන්‍යා ඇය නිසා ඇන්තනි පවුලම ඉන්නේ හරි සතුටින්. පුංචි දෝනි ඉපදෙන්නේ අම්මගේ තාත්තගේ පළමු විවාහ සංවත්සරය දවසේ වීම තවත් වැදගත්.
දැන් දෝනි හරිම ලස්සන ලොකු දුවෙක්. අම්මා වගේම ලස්සනයි. තාත්තා එක්ක හරි හරියට සෙල්ලම් කරනවා. තාත්තා ෂූටින් ගියාම දෝනි නිතරම තාත්තා හොයනවා කියන වීඩියෝ පවා ඔවුන් සමාජ මාධ්‍යට එක්කරනවා. දැන් සකීට අවුරුදු දෙකක්. දෝනිදවසින් දවස ලොකු වෙනවා. ඉතින් ආච්චි සීයා අම්මා තාත්තා නෑදෑයෝ හමොං එකතුවෙලා මෙදාපාර ජයටම දෝනිගේ උපන්දිනය සමරා තිබුනා. පුංචි දෝනිට සුබ උපන්දිනක් වේවා කියා අපත් සුබ පැතුම් එක්කරනවා. ඉතින් මේ ලස්සන සොදුරු අවස්ථාව එලෙසින්ම කැමරා කාචයට හසුකරගෙන්නේ චායාරූපකරණයේ දක්ෂයෙක් වෙන Rexara Labs ආයතනය විසින්. photographered by sashane mihiranga 0715733238
Leave a Comment