ගයත්‍රී ඩයස් කියන නම ලංකාවේ ප්‍රේක්ෂකයින්ට නුහුරු නුපුරුදු නාමයක් නෙවෙයි. ලංකාවේ ප්‍රේක්ෂකයින් ඉතාමත් ආදරය කරන ආදරණිය නාමයක් තමයි ඒ. ඇය මේ වෙද්දී ලංකාවේ ප්‍රේක්ෂකයාගේ හදවත් සොරාගත් රංගන ශිල්පිනියක්. ගයත්‍රී කියන්නේ ඉතාමත් සුරූපී කාන්තාවක්. ඇය තවමත් හුරුභුටි තරුණියක් වගේ. දඟකාර බව සහ සුරතල් සිනහව නිසාම් ඇයගේ සුන්දරත්වය තවත් වැඩි වුනා කියලා කිවුවොත් නිවැරදියි. ඇය තවමත් තාරුණ්‍යයේ ආදරය දිනාගත් තරුණියක්.
ගයත්‍රී ඩයස් කියන්නේ අම්මා කෙනෙක්. ඇයට ඉන්නේ ආදරණිය ලස්සන දියණියන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාම් අමමා වගේම ඉතාමත් සුන්දරයි. ඔවුන් තවමත් අධ්‍යාපනය හදාරනවා. ද්ඵන් ඔවුන් විදෙස් ගත වෙලා ඉන්නේ. කොළඹ ඉතාලිය, පාර දිගේ, වැනි ටෙලි නාට්‍යවල විශිෂ්ට ලෙස රණග්නයෙන් දායක වුන ගයත්‍රී දැන් ලංකාවේ පුංචි තිරයේ පෙනෙන්න ද්සිටියත් ඉදිරියේදී ඇයව දැකගන්න ලැබේද කියන එකනම් ප්‍රශ්නාර්ථයක්. එකට හේතුව තමයි ඇය ලංකාව අතහැර කැනඩාවේ පදිංචියට යාම.

ගයත්‍රී අති දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක්. ඇයගේ රූපලාවන්‍ය ආයතනයක්ද පවතිනවා.ඇය ලංකාවේ නොමැති වුනත් ඇයගේ රූපලාවන්‍ය ආයතනයේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඇයගේ යූ ටියුබ් නාලිකාව ඔස්සේ ඇය රූපලාවන්‍ය රහස් රැසක් කියාදෙනු ලබනවා ඒ සදහා ඇයට ඉතාමත් හොද ප්‍රතිචාර ලැබෙනවා. ගයත්‍රී කියන්නේ ලස්සන අදහස් තියෙන ලස්සනට ලියන්න පුළුවන් චරිතයක්. ඉතින් ඇය අලුතෙන්ම එක්කල සටහන ගැන මේ දිනවල හැමෝම වගේ කතාකරනවා. මේ ඒ සටහනයි.
රවට්ටමින් හුරතල් කල පැනිබේරුන ආකර්ශනීය හිනා හඩ..ඇස් කොනෙන් බලා ඉගිමරන් ඇඟේ හිරිගඩු පිපෙන මනමාල බැල්ම. සුරලොවක සතපවන හිත කීරී ගස්සවන ආදරබර ඒ සොදුරු වදන්පෙල, එයයි මම ජිවිතේ මම බලපු එයා රගපු අමතක නොවේනම බයිස්කෝප් එක. එලෙසින් තමයි ඇය මුහුණු පොතට සටහනක් එක්කර තිබුනේ.
Leave a Comment