Gossip

ඇඟේ තියන ටැටූ 12ක් ගැන කියන, මේ දිනවල හැමෝම කතාවෙන කවින්ද්‍යා අධිකාරිගේ රහසක්.

අපේ රටේ ඉන්න තරු අතරේ හැමෝම දන්නා කියන චරිතයක් තමයි කවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ. අද වෙද්දී ගායනයෙන් වගේම නිවේදනයෙන්ද දස්කම් දක්වන ඇය ගැන බොහෝ දෙනෙක් මේ දිනවල කතාබහ කරනවා අපිට දකින්න පුළුවන්. ඉතින් කොහොමහරි අද වෙද්දී කලාව තුල ඉහලටම ගිය චරිතයක් හැටියට තමයි අපි ඇය හඳුනාගන්නේ. ඉතින් අපි ඇයගෙන්ම ඇගේ ජිවිතේ ගැන අහලා බලමු. ඉතින් අපි මුලින්ම ඇයගෙන් ඇහුවේ මේ දිනවල ගෙවන ජිවිතේ ගැන.

පසුගිය කාලයේ කරගෙන ආපු වැඩ ටිකක් අතරමග නතර වුනා වගේ වුනා, දැන් ආයෙත් කරගෙන ආ වැඩ කටයුතු කරගෙන යනවා. මගේ මම්මා නැතිවීමත් එක්ක කරගෙන ආපු වැඩ ගොඩක් නතර වුනා හිතට ටිකක් හරි මදි නිසා. මොකද කියනවා නම් මමමා කියන්නේ මගේ හැම වැඩකටම ගොඩක් ලොකු ශක්තියක් වුන කෙනෙක් නිසා. මම කළා කටයුතු වලට ටිකක් කම්මැලි කෙනෙක් තමයි. ගොඩක් අය මට කියන්නේ මට ලැබෙන දේවල් වල අගයක් නැහැ කියලා. සක්කාරං ටෙලිකත්ව තුලින් ඉතා සාර්ථක ලෙස එය කළා කියලා තමයි මම දන්නේ. හැමදේම තීරණය වෙන්නේ කාලයත් එක්ක කියනවනේ. ඉතින් කාලයට ඉඩදෙමු.

කවි ඇයි මේ තරම් ඔයා ටැටූ වලට කැමති. ? මගේ ඇඟේ මේ වෙනකොට මම ටැටූ 12ක් ගහලා තියනවා. 2013 අවුරුද්දේ තමයි මම මුලින්ම ටැටූ එකක් ගැහුවේ. මම ලස්සන ගැන හිතල නෙවෙයි ටැටූ ගහන්නේ. මොනම හෝ තේරුමක් ඇතිව තමයි මම ටැටූ එකක් ගහන්නේ. මගේ ඇඟේ තියනහැම ටැටූ එකකම තේරුමක් තියනවා. මම ගොඩක් ආසයි මේ ටැටූ කලාවට. සමහරු නම් කියනවා දැන් මගේ ඇඟේ ටැටූ ගහන්න තැනක් නැතිව ඇති කියලා. මගේ කොන්ඩේ දිගට තිබුනා. මට හිතුනා ඒකත් කපලා බලන්න ඕනේ කියලා, ඉතින් මම ඒකත් කරලා බැලුවා. කොහොම වුනත් මම නම් හිතන්නේ මම කරන දෙකින් තව කෙනෙකුට කිසිම හානියක් නැත්නම් මම කැමති දේවල් කරලා බලනවා. මම නම හැමමොහොතේම හිතන්නේ අද ජීවත්වෙලා ඉන්න ඕනේ කියලා.

01

02

Leave a Comment