Gossip

ඇඟපතින් ලොකු උනාට මම මනසින් පොඩියි. සදනි කියයි

මේ දිනවල බන්ධනා ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් වන සඳනි ප්‍රනාන්දු ගායනයටත් ඉතාම දක්ෂයි. ඉතින් ඒ වගේම ඇයගේ අත ගන්න ඉන්න ආදරවන්තයා ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන පියත් රාජපක්ෂ කියන්නත් දැන්නම් නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඇය කරන කිසිම දෙයකට පියත්ගෙන් බලපෑමක් නැහැ කියලයි සඳනි කියන්නේ. ඒ වගේම පියත් ඇයව ගොඩක් වෙලාවට වැඩවලට දිරිගන්වනවාලු.

ඒ වගේම ඇය රංගනයෙන් දායක වෙන හැම නිර්මාණයක්ම පියත් බලනවාලු. ඊට පස්සේ ඒවගේ අඩුපාඩු තියෙනවා නම් ඒවා ඇයට කියනවාලු. ඒ වගේම රංගන ක්ෂේත්‍රයේ ඇයගේ යාලුවෝ එක්කත් ඔහු ගොඩක් සුහදශීලීයි කියලයි ඇය කියන්නේ. ඉතින් විශ්වාසය තියාගෙන වැඩ කළොත් කිසිම බලපෑමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඇය හැමදාම විශ්වාසය රැකගෙන වැඩ කරනවාලු.

ඉතින් ඒ වගේම ඔවුන් හම්බෙලා කාලයක් යද්දි ඇයට තේරුණාලු ඔහු එක්ක ජීවත් වෙන්න හරි පහසුයි කියලා. ඒ වගේම තේරුම් ගැනීම සහ විශ්වාසය කියන දේ ඕනම සම්බන්ධතාවයකදි ගොඩක් වටිනවා. ඉතින් ඒ දෙකම ඇයගේ පැත්තෙනුත් වෙද්දි ඔහුගේ පැත්තෙනුත් ඒ දේවල් ඇයට ලැබෙනවා කියලත් ඇය කියනවා.

හැබැයි දැන්ම නම් ඔවුන්ගේ විවාහය සිද්ධ වෙන්නේ නැහැ කියලයි ඇය කියන්නේ. මොකද ඇඟපතින් පොඩි නැති වුණාට මනසින් ඇය තවම පොඩි නිසා. ඒ නිසා විවාහයට තවම මානසිකව සූදානම් නැහැලු. ඒ වගේම ඇයටයි පියත්ටයි ජීවිතේ තනි තනිව ජයග්‍රහණය කරන්න දේවල් ටිකක් තියෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඔවුන් දෙන්නා ඒ ටිකත් සම්පූර්ණ කරගෙන විවාහ වෙනවාලු. ඉතින් ඒකට තව අවුරුදු තුන හතරක් යයි කියලයි ඇය කියන්නේ.

Leave a Comment