Gossip

ආදරේ නිසා මට ලැබුනේ කටුක අත්දැකීම් සහ දුක විතරයි.දැම්මට ආදරයක් ඕනෙ නැහැ.

මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් විදිහට විකාශය වන පාරදිගේ ටෙලිනාට්‍යය හරහා නවක කලාකරුවන් රැසක්ම ශේත්‍රයට බිහිවුණා. එය අතරින් තවත් නවක රංගන ශිල්පිනියක් විදියට දේශානි නෙහාරා කියන කලාකාරිනියව හදුන්වන්න පුලුවන්. ඇය පාර දිගේ ටෙලි නාට්‍යයේ නාට්‍යයෙන් නිරූපණය කරන ආන්‍යා කියන චරිතය හරහා තමයි මේ විදියට ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තෙ.

එතැන් පටන් බොනිකර තරු ආදි නිර්මාණයන් රැසකට ඇයට රංගනයෙන් දායකත්වය දක්වන අවස්ථාව උදා වුණා. ඉතින් තමන්ගේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම පිළිබඳව ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යයට මගේ පළවෙනි රංගනයම දායකත්වය දක්වන්න හැකිවීම ගැන මම සතුටු වෙනවා. එය මා ලද වාසනාවක්. ජනතාව අතරට මෙච්චර ඉක්මනින් යෑමට හැකි වීම එයත් එක හේතුවක් වෙන්න ඇති. ඒ වගේම ටෙලි නාට්‍යයේ ප්‍රවීනයන් අතර දී පවා තවම මට හොඳට රඟපාන්න බැහැ මම ආදුනිකයි කියලා කොන් කලේ නැහැ.”

ඒ වගේම ඇගේ ආදරණීය පෙම්වතා විදියට රංගනයෙන් දායකත්වය දැක්වූ ගයාන් ගුණවර්ධන රංගන ශිල්පියා ගෙනුත් ඇයට විශාල සහයෝගයක් ලැබිලා තියෙනවා මේ චරිතය සාර්ථකව ඉටු කරන්න.එතනයි කලාවට වගේම තවත් අංශයකට ආදරේ කරපු කෙනෙක් ඒ පිළිබඳව ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“රංගන ශිල්පිනියක් වෙනවා වගේම ගුවන් සේවිකාවක් වෙන එකත් කුඩා කාලේ ඉඳලම මට තිබ්බ ලොකු හීනයක්.මගේ අක්කත් ගුවන් සේවිකාවක් දැන් මගේ රංගන සිහිනය නම් හැබෑ වුණා. අනෙක් හීනයක් කෙසේ හෝ ඉදිරියේදී හැබෑ කරගන්න මම වැඩ කටයුතු කරගෙන යනවා.”

ඒ විදියට අදහස් දක්වන ඇය පෞද්ගලික ජීවිතය තුළදි ආදරය ගැන කතා කරහම ඇත්තටම ආදරේ නිසා නොයෙකුත් කටුක අමිහිරි අත්දැකීම් වලට මුහුණ දීපු කෙනෙක්.

මම ආදරේ කරලා තියෙනවා ආදරේ විඳලත් තියෙනවා. දැන් නම් පොඩ්ඩක් ආදරයෙන් ඈත් වෙලා තමයි ඉන්නේ. ආදරේ ඇතුලෙදි මට ලැබුනේ කටුක අත්දැකීම් සහ දුකක් විතරයි. ඒ නිසා මම හිතනවා දැන් මට ආදරයක් ඕනි නැහැ කියලා. ඊට වඩා යාළුවන් වගේ විදියට ආශ්‍රය කරලා ඉන්න කැමතියි ආදරය කරලා විඳවන්න මම කැමති නැහැ.”

ඇය ඒ විදිහට තමයි ආදරය සහ ජීවිතය සහ කලාව පිළිබඳව සති අග පුවත්පතක් සමග එකතුවෙලා අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ.

Leave a Comment