Gossip

ආදරයට වසර 4ක්. මේ වසරේ අන්තිමේ විවාහ වෙනවා. ටනාෂා කියයි

ටනාෂා හතරසිංහ මේ නම ඇහෙද්දීම හැමෝගෙම නෙතග මෙවෙන්නේ සුන්දර හැඩකාර යුවතියක්. ආදරණිය සුනදරියක්. ටනෂා කියන්නේ වෙනස්ම ලස්සනක් තියෙන දැක්කම ආස හිතෙන චරිතයක්. ලංකාවේ කොල්ලන්ගේ ක්‍රෂ් එකක් කියලා කිවුවත් වැරදි නැහැ. හැමෝම ඇයට ආදරය කරනවා. ඒ අයගේ නිහතමානී කමට. හැමෝම එක්ක සිනහවෙන් ආදරයෙන් ඇය කටයුතු කරනවා. රංගන ශිල්පිනියක් වගේම ඇය නිරූපිකාවක්. දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයේ දෙවනියා වෙලා හැමෝම අදුනන චරිතයක් බවට එයා පත්වෙනවා.

ටනාෂා නිල පබළු ටෙලි කතාවේ. කුරුලුගේ චරිතය එක්ක තමයි ලංකාවේ ගොඩක් දෙනා හදුනා ගන්නේ. ඒ චරිතය වෙනුවෙන් ඇය ලොකු කැපකිරීමක් කරනවා. ඒ වගේම සිනමාවටත් ඇය සම්බන්ධ වෙනවා. ඇය දැන් පෙම්වතියක්. ඔහු ව්‍යාපාරිකයෙක්. දැන් ඔවුන්ගේ ආදර කතාවට අවුරුදු හතරක් වෙනවා කියලා තමයි ඇය කියන්නේ. ඇය රංගනයේ යෙදෙනවට ඔහු කැමතියි කියලා තමයි ටනාෂා කියන්නේ.

ඉතින් ටනාශාගේ විවාහය මේ වසරේ අන්තිමට සිදුවෙනවා කියලා ටනෂා කියනවා. ඉතින් ඇයගේ ඒ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක්කරමු.

Leave a Comment