Gossip

ආදරණිය අම්මාගේ උපන්දිනයට පුතු ජනිත් එක්කල ආදරණිය සුබ පැතුම.

ජනිත් වික්‍රමගේ කියන්නේ මෙරට කළා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ තරුණ කඩවසම් නළුවෙක්, නිවේදකයෙක් . ඔහු නැටුමට වගේම ගායනයටත් දස්කම් දක්වනවා. ජනික් සිනමාවේ සිටින දැවැන්ත චරිතයක්. පුංචි කාලයේ ඉදලම ජනිත් හැදෙන්නේ කලාවට ලැදි පරිසරයක. අම්මා මානෙල් වානගුරු වගේම තාත්තා ආනන්ද වික්‍රමගේ කලාවට නැතිවම බැරි චරිත දෙකක්. සිනමාවේ ආදරණිය නිලියක් තමයි මානෙල් වානගුරු කියන්නේ. ඇය මෙරට සිනමාවේ තාරකාවක් කිවුවට වරදක් නැහැ. අද මේ ආදරණිය චරිතය මානෙල් වානගුරු මහත්මියගේ ජන්ම දිනයයි.

මුලින්ම අපිත් ඇයට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා කියා සුබ පැතුම් එක්කරනවා. කඩවසම් පුතුන් දෙදෙනෙකුගේ මවක් තමයි ඇය. පුතුන් දෙදෙනාම කලාවට සම්බන්ධයි. ජනිත් වික්‍රමගේ ආදරණිය ලොකු පුතා මුළු රටම හදුනනවා. තවමත් තනිකඩ ඔහුගේ ජිවිතේ වටිනාම වස්තුව තමයි අම්මා. ඉතින් අම්මගේ උපන්දිනය වෙනුවෙන් ඔහු ආදරණිය සුබ පැතුමක් එක්කර තිබුනේ මෙලෙසින්,

මතු සසරෙත් පතන්නේ ඔබමයි. සුබ උපන්දිනයක් මගේ ලෝකයට.

Leave a Comment