Gossip

අහිමිවූ පිය සෙනෙහස ගැන සිහිකරමින් ජනප්‍රිය නළු ඉෂාර තැබූ සංවේදී සටහන.

කාලයෙන් කාලයට ජනප්‍රිය තරු බිහිවෙනවා. ඔහු රනගන ශිල්පින් ගායකයන් විය යුතු වන්නෙම නැහැ. කුමන අංශයකින් හෝ ඔවුන් ජනප්‍රියත්වයට පත්වෙනවා. නිහතමානිකම සහ ආදරණිය බව එක්ක ජිවිතේ ගොඩක් දුර ඕනෑම කෙනෙකුට යන්න පුළුවන්. මෑත කාලයේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් දක්ෂ තාරුණ්‍යයේ ආදරණිය නළුවෙක් තමයි ඉෂාර මධුශාන් කියන්නේ. ඔහුගේ රංගනයට ප්‍රේක්ෂකයන් ඉතාමත් කැමතියි. ඒ විතරක් නවෙයි ඔහුට තරුනියන්ගෙන් ලැබෙන ආකර්ෂණය නම් ඉතාමත් ඉහලයි.

දෙවැනි ඉනිම තුලින් ලිහිනිට පෙම්කරන රදිෂ් වන ඔහු. ඒ චරිතයට වඩා ලංකාවේ දැවැන්ත චරිතයක් වන්නේ ඔහු ගුරුවරයෙකු ලෙසින්. ඔහු ලංකාවට ණය නැති පුතෙක් කියලා කිවුවට වරදක් නැහැ. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ඉංජිනේරුවෙක් වූ ඔහු.දරුවන්ට ගණිත දැනුම ලබාදෙන්නට එක්වන්නේ නොමිලෙමයි. කිසිදු අය කිරීමකින් තොරව දරුවන්ට ගණිත දැනුම ඔහු ඔන්ලියින් ඔස්සේ බෙදා හරිනවා. නිදහස් අධ්‍යාපනයට පින් සිද්දවෙන්න ඉගෙන ගත ඔහු ඉගෙනගත් දෙයින් රටට වැඩක් කරන්න අවශ්‍ය බවයි නිතරම කියන්නේ.

ඉතින් ඔහු මේ කරන ක්‍රියාව උතුම් ක්‍රියාවක්. ඔහු දුප්පත් පවුලක ඉදුණ කෙනෙක්. පවුලේ සහෝදර සහෝදරියන්ගේ උනන්දුවෙන් කැපවීමෙන් අද්‍යාපනය ලබලා ඔවුන් අද ජිවිතයේ හොද තැනක සිටිනවා.ඔහුට සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකු සිටිනවා. ඒ වගේම මේ වෙද්දී ඔහුගේ මව සිටියත් පියා මෙලොවින් සමුගෙන ගිහින් ඒ ගැන මතකය අලුත් කල ඔහු සංවේදී සටහනක් සමාජ මධ්ය්ටා එක්කර තිබුනේ මෙලෙසින්.

මගේ සැබෑ පියා දැනට අපි අතරින් වියෝවී දැනට අවුරුදු තුනක්.නැවත මට තාත්තා කියන වචනේවත් ආපහු කියන්න ලැබෙයි කියලා කවදාවත් හිතුවේ නෑ. යනුවෙන් ඔහු සටහනක් එක්කර තිබුනේ දෙවැනි ඉනිමේ ඔහුගේ පියා වූ දිලාන් සමග සිටින චායාරූපයක් එක්කරමින්. ඊට ප්‍රතිචාර දක්වමින් දිලාන්ගේ චරිතයට රංගනයෙන් දායක වන සුදත් ඇන්තනි මහතා කියා සිටියේ,ඩ්රාමා එකේ මගේ පුතා රදිෂ් වගේම ඉෂාරටත් මම ආදරෙයි මගේ පුතෙක්ට වගේම. කියලා. ඉතින් ඒ පිළිතුරට ඉශාරගේ ප්‍රේක්ෂකයින් ඔහුට තුති කරන්නත් අමතක කරලා තිබුනේ නැහැ.

Leave a Comment