Gossip

අවුරුදු 14ක් තිස්සේ ලස්සන පවුල් ජිවිතයක් ගෙවනවා. හිමාලි කියයි

හිමාලි සිරිවර්ධන කිවුවම නොදන්නා කෙනෙක් නැති තරම්. හිමාලි ලංකාවේ ජනප්‍රියම තලයේ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්තනයටත් දක්ෂයි. ඕනෑම චරිතයකට උපරිම සාධාරනයක් ඉටුකරමින් ප්‍රේක්ෂකයාගේ නොමද ආදරය ලබමින් ඇය කලාවේ දිගු ගමනක් යනවා. මේ දිනවල ගගන පියවර ටෙලි නාට්‍යයේ ඇය මාලනිගේ චරිතයට විශිෂ්ට රංගනයක යෙදෙනවා. ඉතාමත් සාර්ථක ආදරණිය පවුල් ජිවිතයක් ඇය ගත කරනවා. හිමාලි ඒ ගැන කියන්නේ මෙවැනි කතාවක්.

ඇයගේ සැමියත් කලාවට සම්බන්ධ කෙනෙක්. ඒ නිසා ඔහුගෙන් හොද සහයෝගයක් ඇයට ලැබෙනවා කියලයි ඇය කියන්නේ. වසර 14ක් තිස්සේ ඇය ලස්සන පවුල් ජිවිතයක් ගත කරනවා කියලයි ඇය කියන්නේ. අපි දෙන්නා අතරේ තරහ මරහා ඇතිවෙලා නැහැ. පුතා දැන් පෙර පාසල් යනවා. එයාගේ වඩාත් දැන් වැඩියි. ඒ නිසා තරමක් කාර්යබහුලයි. මම පවුලට තමයි මුල් තැන දෙන්නේ.

ඉතින් මේ වෙද්දී හිමාලි සිරිවර්ධන මේ වෙද්දී ඉතාමත් සුන්දර ජිවිතයක් ආදරණිය සැමියා සහ පුංචි පුතු සමගින් ගෙවනවා.

Leave a Comment