හර්ෂි අන්ජුමාලා එහෙමත් නැතිනම් අබිශේකා මේ දිනවල රාජිනි ටෙලි නාට්‍යයේ අපි හැමෝගෙම ආදරය දිනාගත් අබිශේකා තමයි ඇය. හර්ෂි කියන්නේ හරිම සුන්දර තරුණියක්. ඒ වගේම දක්ෂ තරුණියක්. නර්තනයට උපන් හපන්කම් දක්වන තරුණියක් කියලා කිවුවොත් හරියටම හරි. ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇය රාජිනි ටෙලි සිත්තමේද නර්තනයේ යෙදෙන තරුණියක් ලෙස පෙනී සිටිනවා.
පසු ගියදා හර්ශිගේ ජිවිතයේ වටිනාම දිනය උදාවුනා. ඒ ඇයගේ විවාහ උත්සවය. ආදරණිය පෙම්වතා සමගින් සුබ මොහොතින් ඇය යුගදිවි අරඹනු ලැබුවා. ඔහු අම්ජු . ඔහු ඕස්ට්‍රේලියාවේ තමයි ඉන්නේ. විවාහයෙන් පස්සේ විදෙස් ගතවන බව මිට පෙර හර්ෂි කියා තිබුනා. නමුත් ඇය තවමත් ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වෙනවා. ඉතින් දුර රටක සිටි පෙම්වතාට ලංකාවේ ඉදන් ආදරය කරනවා කියන්නේ ලෙහෙසි දෙයක් නෙවෙයි.
ඉතින් විවාහයෙන් පස්සේ ඔවුන් සංචාරය කරන්න ලංකාවෙන් ඈතට ගියා. ඉතින් මේ වෙද්දී සැමියා එක්ක ඉතාමත් ආදරණිය ජිවිතයක් ඔවුන් දෙදෙනා ගත කරනවා. ඔවුන්ගේ සියලු අනාගත සිතුම් පැතුම් ඉටුවේවා කියා අපි සුබ පැතුම් කරමු.
Leave a Comment