Gossip

අලුත් අවුරුද්දේ එලියට ආපු ජනිත් වික්‍රමගේ සොදුරු කැදැල්ල.

කලා ලෝකයට එකතුවෙන් කලා පවුල් කලාවට එකතු කරන්නේ අපූරු සුන්දරත්වයක්. ඔවුන්ගෙන් කලා ලෝකයට ලබන්නේ ලොකු ආලෝකයක්. ඒ වගේම ප්‍රේක්ෂකයින්ද ඔවුන්ට බොහෝ සේ ආදරය කරනවා. එහෙම කලා ලෝකයේ සිය නම රනින් සනිටුහන් කල පවුලක් තමයි ආනන්ද විකරමගේ කලාකරුවාගේ ආදරණිය පවුල. ආනන්ද විකරමගේ සහ ආදරණිය බිරිඳ මානෙල් වානගුරු සහ ලොකු පුතු ජනිත් වික්‍රමගේ සහ බාල පුතු සංකේත් වික්‍රමගේ මේ පුංචි කැදැල්ලේ හැමෝම කලාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පින් සහ ශිල්පිනියන්.

ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු කියන්නේ මෙරට සිනමාවේ වගේම පුංචි තිරයේ ආදරය දිනාගත් ආදරණිය චරිත දෙකක්. ඔවුන් වේදිකා නාට්‍යයේ සිට කලාවේ දිගු ගමනක් ආපු කලා කරුවන්. විශේෂයෙන්ම ආනන්ද වික්‍රමගේ මහතා පබා ටෙලි නාට්‍යයේ මර්වින්ගේ චරිතයට ඉතාමත් දක්ෂ ලෙස රංගනයෙන් දායක වුව. ප්‍රේක්ෂකයා අදත් එය ඉතාමත් ආදරයෙන් නරඹනවා කිවුවොත් නිවැරදියි. මේ දිනවල එය නැවත විකාෂනය වෙනවා.

මානෙල් වානගුරු මහත්මියද එලෙසින්ම රංගනයෙන් කලා ක්ෂේතරයට ලොකු ආලෝකයක් ලබාදුන් නිලියක් කිවුවොත් නිවැරදියි. ජනිත් වික්‍රමගේ කලා ලෝකයේ නිරනතරයෙන්ම දැකගන්න් පුළුවන් චරිතයක්. තාරුණ්‍යයේ ආකර්ෂණය නොඅඩුවම දිනාගත් විශේෂයෙන්ම තරුණියන්ගේ ආදරය ලබන තනිකඩ සිහින කුමරෙක් ලෙසින් ඔහුව හදුන්වන්න පුළුවන්. ඔහු සිනමාවේ දැවැන්ත චරිතයක්. මේ දිනවල ඔහුගේ අලුත්ම සිනමා නිර්මාණය ගැන හැමෝම වගේ කතා වෙනවා.

සන්කේත් වික්‍රමගේ ඔහුත් කලාවට සම්බන්ධයි. ඔහු සිදු ටෙලි නාට්‍යයේ සිදුගේ තාත්තා සහ මාලිගේ සැමියා ලෙස කාලයක් පුරාවට රණග්නායෙන් දායක වුනා. නමුත් පසු කාලීනව ඔහු ඉන් ඉවත් වුනා. ඔහු මේ වෙද්දී විවාහකයි. ඉතාමත් සුන්දර ජිවිතයක් ඔහු ගත කරනවා. ඉතින් පවුලේ හැමෝම එකතු වුනාම් අහරිම සුනදරයි. නිතරම සතුටින් විනෝදයෙන් ඔවුන් කාලය ගත කරනවා. අලුත් අවුරුද්දේ ආරමබයේ මේ පුංචි කැදැල්ලේ ලස්සන චායාරූප එකතුවක් දැකගන්න ලැබුනා. ඇත්තෙන්ම එය හරිම සුනදරයි. ඉතින් නිදුක් නිරෝගිව හැමදාම සතුටින් මේ කැදැල්ල පිරේවා කියා අප ප්‍රර්ථනා කරනවා.

Leave a Comment