Gossip

අලුත් අමුත්තිය එක්ක උදාවූ 2022 සාරංග සහ දිනක්ෂි ආදරයෙන් සැමරූ හැටි.

2021 වසරට සමුදීලා අලුත් නව වසරකට මේ වෙද්දී අපි හැමෝම පා තබලා ඉන්නේ. ගිය වසරේ අදුරු මතක කඩා වැටීම් හිත වේදනා මේ සියල්ලක්ම අමතක කරලා අදින් උදාවුණු නව වසර ලක්වාසී ලෝකවාසී සැමට නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා. ඉතින් 2022 උදා වුනු නව වසර 2021 ලැබුණු අලුත් බලාපොරොත්තුව සමරපු යුවලක් තමයි දිනක්ෂි සහ සාරංග කියන්නේ. 2021 ඔවුන්ට ජිවිතයේ අලුත් බලාපොරොත්තු මල්පල ගැන්වූ වසරක් කියලා කිවුවොත් හරි.

ඒ ඔවුන් දෙදෙනාට මව්පිය පදවිය හිමිකරමින් සුරතල් දියණියක් ඔවුන්ගේ තුරුලට ආවා. ඉතින් අම්මා තාත්තා ලෙසින් වගකීම් ගොඩක් දැන් සාරංගට සහ දිනක්ෂිට තියෙනවා. ඉතින් උදාවුණු 2022 නව වසර පුංචි දෝනි එක්ක තමයි ඔවුන් සමරා තිබුනේ. පුංචි දෝනි තුරුළු කරගෙන් එනව වසර සමරමින් ඔවුන් කියා සිටියේ අපි 2022 පිළිගන්න සුදානමින් ඔබ සුදානම්ද කියා. ඉතින් අලුත්වුනු බලාපොරොත්තුත් එක්කඋදාවූ නව වසර ඔබ දෙපළටත් පුංචි දියණියටත් සියලු සිතුම් පැතුම් ඉටුවෙන නිරෝගී වසරක් වේවා කියා අප ප්‍රර්ථනා කරනවා.

සාරංග සහ දිනක්ෂි කියන්නෙම කලා ල්ප්කයට නැතිවම බැරි චරිත දෙකක්. ද්නක්ෂි මව් පදවිය ලැබීමත් සමග තරමක් දුරට කලා නිරමාණ වලින් දැකගන්න ලැබෙන්නේ නැහැ. නමුත් සාරංග නිරමනා රැසකම දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දිනවල විකාශය වන හිතුවක්කාරී ටෙලි නාට්‍යයේ ධනා ගේ චරිතය හැමෝම වගේ කතාබහට ලක්කරන චරිතයක්. මේ වෙද්දී ඔහු ලංකාවේ ඉන්න ජනප්‍රියම තලයේ රංගන ශිල්පියෙක් කියන එක අවිවාදයකින් තොරව කියන්න පුළුවන්.

ඉතින් මේ දෙදෙනාම ටෙලි තිරය වගේම සිනමාව එක ලෙසින්ම ජයගත් චරිත දෙකක්. ඒ නිසාම ප්‍රේක්ෂකයාගේ ආදරය නොඅඩුවම ලබන චරිත දෙකක්. ඒ වගේම සමහර අවස්ථා වලදී ඔවුන් විවේචනයට පවා ලකෙන්වා. ඉතින් හොද වගේම නරක මේ හැමදේකටම ඔවුන් දෙදෙනාම ඉතාමත් ශක්තිමත්ව මුහුණ දී නොවැටී සිටින්නට කටයුතු කරා. ඒ ඔවුන්ගේ ආදරය නිසාවෙන්මයි. ඉතින් උදාවූ නව අවසරේ ඔවුන්ගේ ආදරය තව තවත් වැඩිවෙලා සතුටින් ඉන්න ලැබේවා කියා අප ප්‍රර්ථනා කරනවා.

Leave a Comment