Gossip

අයියෝ සාමි නිසා ජාත්‍යන්තරයට ගිය වින්ඩි දෙසැම්බර් අන්තිම සනුකව බඳිනවලු.

වින්ඩි ගුණතිලක ඇය ගැන දැන් නොදන්නා කෙනෙක් නැති තරම්. ලංකාවේ විතරක් නෙවෙයි ඇය දැන් ජාත්‍යන්තරය ජයගත් ගායිකාවක්. අයියෝ සාමි ගීතය හරහා ඇය බොහෝ දෙනාගේ ආදරය දිනාගන්නට සමත්වුනා. ආදරණිය පෙම්වතා වන සනුක එක්ක එකතුවෙලා කරපු මේ ගීතයට ලබෙන ප්‍රතිචාර ඉහලයි. වෙනස්ම විදියකට කරපු මේ ගීතයට නොහිතපු ප්‍රතිචාර ලැබුනා කියලා තමයි වින්ඩි කියන්නේ. රූකාන්ත චන්ද්‍රලේකා යුවලගේ ආදරණිය බාල දියණිය තමයි වින්ඩි. අම්මාගේ කටහඩ ඇයට එලෙසින්ම පිහිටා තිබෙනවා. වින්ඩි ගැන සුබ පුවතක් අසන්නට ලැබෙනවා. ඒ මේ මාස අන්තිම සතියේ සනුක සමග ඇයගේ විවාහය සිදුවන බවයි. ඒ නිසා ඇය තරමක් කාර්යබහුල බවයි. ඉතින් අපි ඔවුන් දෙදෙනාට හදවතින්ම සුබ පැතුම් එක්කරමු.

Leave a Comment