සේහා මිනේර්වී මේ නම හැමෝම දන්නේ නැහැ. නමුත් මේ නමේ අයිතිකරියගේ චායාරූප දුවම ඇය නොහදුනන කෙනෙක් නැති තරම්. මේ වෙද්දී මුළු ලංකාවේම ආදරය දිනාගත් පුංචි සුරතලියක් තමයි ඇය. බන්ධනා ටෙලි නාට්‍යයේ පොඩි බන්ධනා තමයි ඇය. හරිම කටකාර දඟකාර ආදරණිය පුංචි දියණියක් තමයි ඇය. තවමත් පෙර පාසල් යන වයස ඉන්න චුටී ම්ස්නිකක්. මෙයාගේ රංගනයට හැමෝම කැමතියි. ඒ දඟකාර බවට හැමෝම ආදරෙයි. සේහාගේ තාත්තා චායාරූප ශිපියෙක්. ඒ නිසා සේහා කැමරාවට බය නෑ කියලා තමයි දැනගන්න ලැබුනේ.
ගෙදරදී දඟ වැඩ කරලා අම්මිගෙන් නම් බැනුම් අහනවලු ඒත් තාත්තා බනින්නේ නෑලු. ඇස් දෙක ලොකු කරලා බැලුවම බය හිතෙනවලු. අම්ම නම් හොදට ඉගෙන ගන්න කියලා කියනවා කියලා තමයි සේහා කියන්නේ. ෂූටින් වලදී වගේම ෂූටින් වලින් පස්සෙත් සේහා විශ්වට සහ චතුට කතාකරන්නේ අම්මා සහ තාත්තා කියලා තමයි දැනගන්න ලැබුනේ. ඉතින් මේ පුංචි මැණිකට කලාවේ දිගු ගමනක් යන්න වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
Leave a Comment