Gossip

අම්මා කියන්නේ බදින්නත් එපා ළමයි හදන්නත් එපා කියලා අංජලි කියයි

කේ සුජීවා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ගායිකාවක්. ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායිකාවක්. ඇය ගේ ගීතවලට හැමෝම ආදරය කරනවා. ඇය ඉන්න ප්‍රසංග වේදිකාවේ පාලුවක් නැහැ. සුජීවා කියන්නේ ආදරණිය අම්මා කෙනෙක්. දියණියන් දෙදෙනෙකු ඇයට සිටිනවා. අංජලි ලොකු දුවගේම රෝස් ඇයගේ පොඩි දුවයි. මේ දෙන්නම ගායනයට ඉතාමත් දක්ෂයි. ඒ වගේම නිවේදනයටත්. අංජලි තාරුණ්‍ය නියෝජනය කරන සුන්දර ගායිකාවක්. තවමත් තනිකඩ තරුණියක් තමයි ඇය.

අංජලි කියන්නේ නම් ඇයට අම්මා කියන්නේ කසාද බදින්නත් එපා ළමයි හදන්නත් එපා කියලා.අම්මා දැක්කම මටත් හිතෙනවා පාඩුවේ ඉන්න ඕන කියලා. මට කොහොමත් බදින්න අසාවක් නැහැ.මොකද ඉතින් දින කෙනා හරිම කෙනාද කියලා දන්නේ නැහැ. බැන්දට පස්සේ හරිම කෙනා නෙවෙයි කියලා දැනුනොත් මොකද කරන්නේ ඉතින් ඊට වඩා හොදයි බදින්නේ නැතුව ඉන්න එක කියලා තමයි අංජලි කියන්නේ.

Leave a Comment