Gossip

අම්මගේ ශූටින් සල්ලි හම්බුන දවසක මම කෑ ගැහුවා යේ අපිට අද කුක්කු පිටි ගන්න පුලුවන් කියලා.

99 ගණන්වල ක්ශේෂ්ත්‍රයට ඇවිත් වේදිකාව, ටෙලිනාට්‍යය තුළ ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදියට අපේ කලා ක්ශේෂ්ත්‍රය තුල ඉහලින්ම වැජඹෙන කෙනෙක් තමයි රොෂානා ඔන්ඩච්චි කියන්නේ. හාස්‍යෝත්පාදක රංගනයන් කරන ඇය විවිධ ටෙලිනාට්‍යය හරහා අපිට දැක ගන්න ලැබෙනවා. ඉතින් මවක් වුණත් ඇය තවමත් ඇගේ සුන්දරත්වය එදා වගේම පවත්වාගෙන යනවා.

ඇයට ඉන්නවා ඇය තරමටම උස් මහත් වුණු දියණියක්. ඇය මෙනාශා නානායක්කාර. අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින්න සිටින තවම පාසල් අධ්‍යාපනය ලබන මෙනාශගේ විශේෂත්වය වන්නේ කර්ල් කොන්ඩයත් එක්කයි. ඉතින් අම්මා ඇය කුඩා කාලයේ විදි දුක් කම්කටොලු ගැන මෙනාශා මේ විදියටයි රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මට ඉස්සර හොදට මතකයි අපේ අම්මට සල්ලි නෑ නමුත් මට කන්න බඩගිනි නිසා පේස්ට්‍රිශොප් එකක් ළගට ගිහින් මොනවද ඕනි කියලා අහලා මම ඉල්ලන හැමදේම දුන්නා. අම්මා බඩගින්නේ ඉදලා මට කන්න බොන්න දුන්නා. අම්මා මම වෙනුවෙන් කොච්චර දුක් විදලා ඇතිද. ඉස්සර අපිට සල්ලි නෑ. අපි ඕන තරම් දවස් කන්න නැතුව හිටියා.

දවසක් මට මතකයි අපේ අම්මගේ ශූටින් සල්ලි හම්බුන දවසේ මමත් එතන හිටියා. මම කෑ ගැහුවා යේ අපිට අද කුක්කු පිටි ගන්න පුලුවන් කියලා. එදා අම්මා ඒ විදියට හිටියට අද අම්මා ස්ටේබල්. මට ඒ ගැන පුදුම සතුටක් තියෙන්නේ. අම්මා හිතන්න ඇති මට ඒ දේවල් මතක නැතුව ඇති කියලා. ඒවුනාට මට ඒ හැමදේම හොදට මතකයි.”

Leave a Comment