Gossip

අබිශේකා විමලවීර 10වන විවාහ සංවත්සරය සමරමින් කියූ කතාව.

ගායන ක්ෂේත්‍රය තුල සිටින නිහතමානී ආදරණිය ගායන ශිල්පිනියක් තමයි අබිශේකා විමලවීර කියලා කියන්නේ. ඇයට හැමෝම ආදරය කරනවා. ජනප්‍රියත්වය පසෙකලා ඇය ගීත ගායනා කරනු ලබන්නේ ආත්ම තෘප්තිය උදෙසා. ඉතින් ඇය ප්‍රේක්ෂකයාගේ හදවතේ ආදරණිය තැනක් දිනාගන්නට සමත් වුනා. අබිශේකාගේ හඩ දිව ඔසුවක් වගේ බාවනාවක් වගේ කියා කියන පිරිස බොහොමයි. ඒ හඩ කොතෙක් ඇසුවත් එපා වෙන්නේ නැහැ. ඉතින් අද දිනය ඇයට සුවිශේෂී වෙනවා. ඒ ඇයගේ 10වන විවාහ සංවත්සරය අද යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් අපිත් ඇයට සුබම සුබ විවාහ සංවත්සරයක් වේවා කියා සුබ පැතුම් එක්කරමු. ඇය විවාහ සංවත්සරය සමරමින් සටහනක් සහ විවාහ දිනයේ චායාරූප කිහිපයක්ම සමාජ මාධ්‍යට එක්කර තිබෙනු දැකගන්න ලැබුනා.

Leave a Comment