Gossip

අපේ වෙඩින් එකෙන් මාසෙකට පස්සේ දැනගත්තේ අම්මෙක් වෙන්න යනවා කියලා.

නිපුනිකා හේවාගමගේ පුංචි තිරයේ ආදරණිය රුවැත්තිය. නිතරම සිනහවෙන් මුව සරසාගෙන සිටින ඉතාමත් නිහතමානී ගතිගුණ තියෙන ආදරණිය චරිතයක් තමයි ඇය. රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක් ලෙසින් ඇය වසර ගණනාවක් කටයුතු කළා. නමුත් විවාහයත් සමග ඇය කළා ක්ෂේත්‍රයට සමුදෙන්න තීරණය කරනවා. ඒ සිය පවුල් ජිවිතයට මුල්තැන දිය යුතු බව පවසමින්. ඇය මේ වෙද්දී අම්මා කෙනෙක්. චුටි දියණියක් ඇයට සිටිනවා. ඇය නම් කියන්නේ නොහිතපු වෙලාවක තමයි දෝනි එයාලා ලගට ආවේ කියලා. කොහොම නමුත් දැන් එයාලගේ ජීවිතේම පුංචි දෝනි කියලා තමයි අපිට දැනගන්න ලැබුනේ. වෙඩින් එක අරගෙන හරියටම මාසයක් සම්පුර්ණ වෙන දවසේ තමයි එයා අම්මෙක් වෙන්න යනවා කියලා දැනගෙන තියෙන්නෙත්.

Leave a Comment