කලා ලෝකයේ ඉන්න සුන්දර සහ ආදරණීයම යුවළක් තමයි සුජානි මේනකා සහ බිමල් ජයකොඩි කියන්නේ. සුජානිව නම් මේ දිනවල නිතරම ටෙලිනාට්‍යය තුළින් දැක ගන්න නොලැබුණත් බිමල් ජයකොඩිනම් නිතරම පුංචි තිරය හරහා අපේ ආලින්දයට එනවා. ඒ හිරු නාලිකාවේ විකාශය වන ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලිනාට්‍යය හරහා. ඒ වගේම ආශාවරී චිත්‍රපටය හරහාත් බිමල් චරිත රංගනයකින් ප්‍රේක්ෂකයා අතරට ආවා.
ඉතින් දෙදෙනාම කලා ලෝකයේ සිටීම පවුල් ජීවිතයට බාධාවක් කියලා සමහරක් කිව්වත් එය බාධාවක් වෙන්නෙ නෑ කියලයි අපිට සුජානි සහ බිමල් දකින විට සිතෙන්නේ. අපූරුවට පවුල් ජීවිතය යහපත් අන්දමින් ගෙනයන බිමල් ජයකොඩි සහ සුජානි මේනකා කියන්නේ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නනම් අනිවාරෙන්ම දෙදෙනා ගැන එකිනෙකාට අවබෝධය තිබිය යුතුයි කියලා.
ඉතින් ඔවුන් ලබන මාසයට විවාහ වෙලා අවුරුදු 16ක් පිරෙනවා වගේම ඒ විදියට සතුටින් ඉන්නනම් තියෙන්න ඕන දේවල් ගැන එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
” අපි දෙන්නා විවාහ වෙලා ලබන මාසෙට අවුරුදු 16ක් වෙනවා. මන හිතන්නේ අපි දෙන්නගේ මේ සතුටින් ගත කරන පවුල් ජීවිතයට එකම දේ එකිනෙකාට තියෙන අවබෝධය. මොකද දෙන්නට දෙන්නා අනිත් කෙනා ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන. අපි දෙන්නට දෙන්නා අතින් මොකක් හරි ප්‍රශ්නයක් වුනාම එකිනෙකාට සොරි කියනවා. අපි අතර ප්‍රශ්න ඇතිවෙනවා. නමුත් ඒවා ඉක්මනට විසදගෙන ජීවත් වෙනවා.’’
ඉතින් ඇයවැඩි දුරටත් අදහස් දැක්වූයේ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න නම් අවබෝධය තියෙන්න ඕන කියලයි. ඉතින් මේ දෙදෙනාගේ ඉදිරි අනාගතයට අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.
Leave a Comment