Gossip

අප්පච්චිට උපකරණ ඕනේ කියල මම කියල නෑ..ජැක්සන් ඇන්තනී මහතා ගැන ලැබුණු ආරංචිය

ජැක්සන් ඇන්තනී මහත්මයා කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රයේ. අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ කරපු හරි ආදරණීය චරිතයක්. කලාවේ විද්‍යාලයක් බදු දැනුම් ගුහාවක්. ඔහු සතු ඒ සම කළ නොහැකි දැනුම නිසා බොහෝ දෙනෙක් එතුමාගෙන් එතුමාගෙන් ගුරුහරුකම් ලබා ගත්තා.

කලා ලොවේ සුවිශේෂීම තාරකාව ජැක්සන් ඇන්තනී මහත්මයා මේ වන විට ගිලන් වෙලා රෝහල් සයනය මත නිහඬව කාලය ගතකරනවා. ඒ සම්බන්ධයෙන් කතා කරපු ගොඩක් දෙනා දන්නවා ඇත්තටම ඔහුට මොකද උනේ කියලා. නොදන්න අයගේ දැන ගැනීම පිණිස අපි ඒ සිද්ධිය මතක් කරන්නම්. චිත්‍රපටයක් රූපගත කරලා යළි පැමිණෙමින් සිටින අතරතුර වනඅලියෙකු හා ගැටීම නිසා සිදුවූ අනතුරකින්. තමයි ඔහු රෝගී උනේ.

මෙම සැත්කමෙන් පසුව ඔහු පියවි සිහියට ආව වත් යලි අවාසනාවන්ත විදිහට ඔහුගේ සිහිය නැති වෙලා ගියා. අද වන විට ඔහු සිහිය නොමැතිව රෝහලේ සයනයක් මත තමයි කාලය ගෙවන්නෙ. රෝහලේ වෛද්‍යවරුන්ගේ මතයට අනුව තව දුරටත් යන්ත්‍රයක් ආධාරයෙන් හදවත ක්‍රියාත්මක කරවීම එතුමාට හානියක් ඒ නිසා එතුමාගේ පියවි සිහිය ගන්න බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා.

මිනිස්සුන්ගෙ දුක ප්‍රයෝජනයට අරගෙන වංචා සහගත ලෙස වැඩ කරන මිනිස්සු ඉන්න සමාජයක ඇන්ටනී පවුලටත් එහෙම අත්දැකීමකට මුහුණ දෙන්න වෙලා තියෙනවා.

ජැක්සන් ඇන්තනි මහත්මයාට යම් උපකරණයක් අවශ්‍යයි කියලා වංචනික පුද්ගලයෙක් යම් කතාවක් අරගෙන ගිහිල්ලා තියෙනවා. තාත්තගේ නම විකුණලා කරන මේ වැඩේ ගැන jackson antony මහත්මයාගේ ආදරණීය දියණිය මුහුණු පොතට එකතු කරලා කරල තිබුනෙ මෙන්න මේ වගේ අදහසක්.

අප්පච්චිට සම්බන්ධ කිසිදු උපකරණයක් ගැන මම කිසිවෙකුට කියා නැත. කිසිවෙක් කියා ද නැත. ගිලන් උන් මතින් ප්‍රසිද්ධිය සොයන උන්මත්තකයෙක් එසේ ලියා ඇති බව දුටිමි කරුණාකර බොරු ප්‍රචාර නොකරන්න.

ජැක්සන් ඇන්තනි මහත්මයාට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

Leave a Comment