හිරු නාලිකාවේ විකාශය වුණු ‘මහවිරු පණ්ඩු’ ටෙලිනාට්‍යයේ ටිකක් නපුරු චරිත රංගනයකට දායක වුණු ඇය අනූෂා දමයන්ති. රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් විදියට අපේ සිනමා ටෙලි තිරය තුළ නිතර දකින්නට ලැබුණු අනූෂා දමයන්ති රංගනය කල චිත්‍රපට ගණනාවක් ඇත. ඒ අතරින් ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලැබුණු චිත්‍රපට විදියට රාගයේ උණුසුම, කොටි සනා, වියරු ගැහැණියක්, අක්කයි නන්ගියි, සිකුටු යෝගය, සිංග මචං චාලි, නෝනේ මගේ සුදු නෝනේ වැනි ජනප්‍රිය චිත්‍රපට ගණනාවකම ඇය රංගනයෙන් දායක වෙලා තිබෙනවා.
ඒ වගේම සම්මානනීය රංගන ශිල්පිනියක් විදියට ඇය කලා ක්ශේෂ්ත්‍රයේ කා අතරත් ජනප්‍රිය චරිතයක් වනවා. නිතරම අම්මත් එක්ක ගමන් බිමන් යන අනූෂා විවිධ නර්තන අංග හරහා ප්‍රේක්ෂකයා අතර ඉතා ඉහල ජනප්‍රියත්වයක් ලබනවා. පසුගිය දා ඇය විවාහ දිවියට එලඹෙන්නේ වසර 14ක් ආදරය කල අමිල සමගයි.
ඉතින් මේ විවාහ උත්සවයට කලා ලොවේ ගොඩ දෙනෙක් සහභාගි වුණා. මීට පෙර කිහිප සැරයක්ම විවාහ උත්සවය ගන්න සූදානම් වුණත් එය යම් කිසි සමාජීය ගැටලු නිසා කල් දාන්න සිදු වුණත් ඇයට මෙම අවස්ථාවේදී ඇගේ මංගල දිනය ලස්සන කරගන්නට ගොඩක් උදව් කලේ ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින්. වෙනදාට වඩා ගොඩක් ලස්සනට හැඩ ගැන්වෙලා හිටපු අනූෂා සමග අත ගත් අමිල අනූෂා ගැන මේ විදියටයි මාධ්‍යට අදහස් දක්වලා තිබුණේ.
” අනූෂගේ වැරැද්දක් කියලා කියන්න දෙයක් නෑ. අපි දෙන්න ගොඩක් තේරුම් අරගෙන ඉන්න දෙන්නෙක්. ඒ නිසා තමයි අපි දෙන්නා අවුරුදු 14ක් මේ විදියට ආදරෙන් හිටියේ. ඒ නිසා මට එයාගෙ අඩුපාඩුවක් කියන්න නෑ. කෑ ගහලා හිනා වෙලා හිටියට එයාගේ හිත හරිම හොදයි. ඒක එයා ආශ්‍රය කරන හැමෝම දන්නවා. මෙයාට තියෙන එකම ලෙඩේ තමයි දේවල් අමතක වෙනවා. කොහෙ යන්න ගියත් වාහනේට නැගලා අමතක වුණා කියනවා.’’
ළගදි විවාහ වුණු අනූෂා ගැන අමිල කියලා තිබුණේ මෙවැනි අදහසක්. මේ දෙන්නා ගොඩක් සතුටින් කාලය ගත කරනවා. ඉතින් අපිත් අනූෂටත් අමිලටත් ඉදිරි ජීවිතයට සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.
Leave a Comment